2016 පෙබරවාරි මස 12 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-02-12 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආංශික අධීක්ෂණ කමිටු සම්බන්ධ වැඩමුළුව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද;
(iii) 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/29 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2016 ජනවාරි 12 දිනැති අංක 1949/29 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමග කියවිය යුතු 25 වගන්තිය යටතේ මත්පැන්වල සැර ප්‍රමාණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 දෙසැම්බර් 15 දිනැති අංක 1945/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමග කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 දෙසැම්බර් 15 දිනැති අංක 1945/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමග කියවිය යුතු 25 වගන්තිය යටතේ හෝටල් තුළ මධ්‍යසාර භාවිතයට අදාළ ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 දෙසැම්බර් 31 දිනැති අංක 1947/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතෙහි 4 සහ 13 වගන්ති යටතේ විදේශ මත්පැන් අලෙවිය හා ප්‍රවාහනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 දෙසැම්බර් 31 දිනැති අංක 1947/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කලින් කලට සංශෝධන කරන ලද පරිදි (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තියේ (1) උප වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලද;
(x) 2015 දෙසැම්බර් 31 දිනැති අංක 1947/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(xi) 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(xii) 2015 දෙසැම්බර් 04 දිනැති අංක 1943/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(xiii) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජනවාරි 01 දිනැති අංක 1947/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xiv) 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වගන්තිය සමග කියවිය යුතු 26 වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 දෙසැම්බර් 14 දිනැති අංක 1945/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් 5
(ii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් 11
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ දැනුම්දීම්
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 23(2) යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මහතා යාපනය කොටුව ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මතුකල පැනයට, අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා පිලිතුරු දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත
සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 5 දක්වා) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
(i) උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබා දීම
උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වනවිට ජීවතුන් අතර සීටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සදහා මරණ සහතික ලබා දිම.
(ii) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි හමුදා කඳවුරු වෙනත් ස්ථානවල පිහිටුවීම
ත්‍රිකුණාමල නාවික කඳවුර, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශය සඳහා වූ ප්‍රධාන හමුදා කඳවුර වුවද, යුද්ධය අවසන් වූ පසු පුල්මුඩේ සිට ලංකාපටුන දක්වා වූ ප්‍රදේශයේ කුඩා නාවික හමුදා සහ යුද හමුදා කඳවුරු ගණනාවක් පිහිටුවා ඇති අතර මේවා ව්‍යවසායකත්වයට, ධීවරයින්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් වලට බාධකයක් බවට පත්වී ඇති බැවින්, හමුදා කඳවුරු සාමාන්‍ය ජන ජීවිතයට උපකාර කිරීම පිණිස වෙනත් ස්ථානවල පිහිටුවීම.
(iii) රට තුළ ඇති යුදමය නටබුන් ප්‍රතිසංස්කරණය කර ජනතා යහපත පිණිස යොදා ගැනීම
රටේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ද, යුදමය ක්‍රියාන්විතයන් හේතුවෙන් ද, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු රටේ සියලුම ප්‍රදේශවල විනාශව තිබෙන්නා වූ ගොඩනැගිලි, ජල ටැංකි, දුම්රිය, බස්රථ හා ගුවන් යානා ආදිය ප්‍රදර්ශන ස්ථාන ලෙස ද, ආරක්ෂක ස්ථාන ලෙස ද, රජයේ වියදමින් නොකඩවා නඩත්තු කර පවත්වාගෙන යෑම ජාතීන් අතර සංහිඳියාව ගොඩනංවා ගැනීමට බාධාවක් වී ඇති බැවින්, රටේ වත්මන් තරුණ පරම්පරාව සහ අනාගත පරම්පරාව අතරින් රටේ සිදුවූ යුදමය විනාශයන් සම්බන්ධ මතකයන් තුරන් කිරීමේ අරමුණින් යුතුව මෙලෙස විනාශයට පත්වූ ස්ථාන හා අනෙකුත් දේපළ නැවත ප්‍රතිසංස්කරණය කර මහජන යහපත උදෙසා ඒවා භාවිතා කිරීමට රජය නිර්මාණාත්මක පියවරක් ගැනීම.
(iv) රජයේ සේවකයින්ගේ මූලික වැටුපෙන් ගණනය කරන 40% අවකරණ සීමාව දීමනා සහිත දළ වැටුපට ගණනය කිරීම
රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය අනුව ණය ලබා ගැනීමේ දී 40% අවකරණ සීමාව ගණනය කරනුයේ මූලික වැටුප මත පදනම්ව වන බැවින්, රාජ්‍ය සේවකයින්ට හදිසි අවශ්‍යතාවකට හෝ නිවාස අලුත්වැඩියාවකට රාජ්‍ය බැංකුවකින් හෝ රාජ්‍ය අනුබද්ධ ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීමට මෙම යල්පැන ගිය නීතිය බාධාවක් වන අතර, හත් වසරක දේපළ ණය ලබා ගැනීමේ දී, පස් වසරක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත සේවා කාලයක් ද සලකා බලන හෙයින්, මෙම අවකරණ සීමාව අදාළ නොවුණ ද, රජයේ සේවයට අලුතින් බැඳෙන රාජ්‍ය සේවකයෙකුට ඉහත අවකරණ සීමාව හේතුවෙන් ණය මුදලක් ලබා ගැනීම දුෂ්කර වන බැවින් 40% අවකරණ සීමාව දීමනා සහිත දළ වැටුප මත ගණනය කිරීම.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ශ්‍රී ලංකා ගුරු උපදේශකවරුන්ගේ සේවය ස්ථාපිත කිරීම" පිළිබඳ යෝජනාව ගරු (ආචාර්ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1845 ට 2016 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






