ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 පෙබරවාරි මස 11 දින සභාවේ කටයුතු

දිනය : 2016-02-11

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

‘A’  :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2014 අංක 41 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ 2015-12-31 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2015


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු දිලිප් වෙදආරච්චි මහතා         
(ii)    ගරු විජිත හේරත් මහතා                 
(iii)    ගරු ලකී ජයවර්ධන මහතා             
(iv)    ගරු නිහාල් ගලප්පත්ති මහතා             
(v)    ගරු රංජිත් අලුවිහාරේ මහතා             - පෙත්සම් 2
(vi)    ගරු බුද්ධික පතිරණ මහතා             - පෙත්සම් 10
(vii)    ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය            
(viii)    ගරු එස්. එම්. මරික්කාර් මහතා       - පෙත්සම් 2
(ix)    ගරු සාලින්ද දිසානායක මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අමාත්‍යාංශ දැනුම්දීම්

23(2) යටතේ මතුකල පැනයට පිළිතුරක් ලෙස  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්

ගරු. කේ කාදර් මස්තාන් මහතාට පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී;

(i)    ජම් ඉය්යතුස් සහ්වා අල්-හයිරිය්යා (ජස්කා) සංස්ථාගත කිරීම
(ii)    ශ්‍රී ලංකා සෙත්සේවා පදනම සංස්ථාගත කිරීම

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස ඉහත පනත් කෙටුම්පත් අංක (1) සහ (2) පිළිවෙලින් තැපැල් හා තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාට සහ  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යතුමාට යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පඩිපාලක සභා ආඥා පනත යටතේ නියෝගය

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්‍ථාවේ ප්‍රශ්න අසන ලදී:-

(i)    ගරු නිහාල් ගලප්පත්ති මහතා
(ii)    ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1845 ට 2016 පෙබරවාරි මස 12වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි