2016 පෙබරවාරි මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-02-10 |
කථානායක, ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් පනත් කෙටුම්පත් සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය-
‘A’ : “ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)”
‘B’ : “ක්ෂුද්‍රමූල්‍ය”
‘C’ : හිටපු ජනාධිපති දිවංගත ගරු ඩී. බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛය චිත්‍රය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ
(ii) 2013/14 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ
යනාදී ආයතනවල වාර්ෂික වාර්තා
(iii) 2014 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යතුමගේ නියමය පරිදි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්
(iv) 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/ 32 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/ 33 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vi) 2015 දෙසැම්බර් 11 දිනැති අංක 1944/ 54 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ඩිලාන් පෙරේරා මහතා - පෙත්සම් 2
(ii) ගරු මයන්ත දිසානායක මහතා
(iii) ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව
පහත සඳහන් මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ
(ii) ගරු බන්දුල ගුණවර්ධන මහතා
(iii) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(iv) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු. ඩග්ලස් දේවානන්ද මහතා
යාපනයේ මාර්ග සංවර්ධන කටයුතුවලට අදාල ගැටළු
ගරු අනුර දිසානායක මහතා
වාහන වරායට ඇතුළුවීමේ ගාස්තු ඉහල දැමීම
අමාත්‍යාංශ නිවේදන
ස්ථාවර නියෝග 23(2) යටතේ ගරු අනුර දිසානායක මහතා විසින් දූෂණ සිද්ධීන් සඳහා අනුගමනය කරන ක්‍රියා සම්බන්ධයෙන් නගන ලද පැනයට අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී
(i) ජාතික සේවකයින්ගේ අවම වේතනය - සේවායෝජකයන් විසින් සේවකයන්ට ජාතික අවම වේතනය ගෙවීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම.
(ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව - සේවායෝජකයන් විසින් සේවකයන්ට අයවැය සහන දීමනාවක් ගෙවීම සඳහා සහ ඊට අම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන)”
පනත ඉදිරිපත් කිරීමට ගරු එම්. ඒ. සුමන්තිරන් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 46(අ)(2) (අ) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත කී පනත් කෙටුම්පත සෑම පළාත් සභාවකටම යොමු කරන ලදී.
(ii) ''ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ''
පනත ඉදිරිපත් කිරීමට ගරු හර්ෂණ රාජකරුණා මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස ඉහත කී පනත් කෙටුම්පත මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා වෙත යොමුකරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
''පුත්තලම නගරයේ ඝණ අපද්‍රව්‍ය ප්‍රවාහනය'' පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු. මොහොමඩ් නවවි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2016 පෙබරවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






