2016 පෙබරවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-02-09 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීන්ගේ ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු. ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශේරෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : ශේරෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් පිටපත්
‘C’ : ආංශික අධීක්ෂණ කමිටු පිළිබඳ වැඩමුළුව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii) 2014 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(iii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ
(iv) 2013 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු හරින් ප්‍රනාන්දු මහතා
(ii) ගරු අශෝක් අබේසිංහ මහතා
(iii) ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා - පෙත්සම් 2
(iv) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් 2
(v) ගරු රෝහිත අබේගුණවර්ධන මහතා - පෙත්සම් 3
(vi) ගරු කේ. කේ. පියදාස මහතා
(vii) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(viii) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(ix) ගරු මුජිබුර් රහුමාන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
වකුගඩු බද්ධ කිරීම හා සම්බන්ධ ප්‍රශ්නය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත
සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1505 ට 2016 පෙබරවාරි මස 10 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






