ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 ජනවාරි මස 29 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-01-29

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2013 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු මන්ත්‍රීවරු විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු පී. හැරිසන් මහතා                - පෙත්සම්     1     
(ii)    පාලිත තෙවරප්පෙරුම මහතා    - පෙත්සම්      8
(iii)    ගරු අබ්දුල් හලීම් මහතා           - පෙත්සම්      3

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)


ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු එම්. බී. ඒ. අසීස් මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු ඩී. එම්. සෙනෙවිරත්න මහතා


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(318 වන අධිකාරය වූ) බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

“බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“අභිමානී සමාජ සංවර්ධන හා අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47 (5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1418 ට 2016 පෙබරවාරි මස 09 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි