ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 ජනවාරි මස 27 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-01-27

නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) පනතේ 17(3) යටතේ එන නිවේදන දෙකක් “”, “බී


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2013/2014 වර්ෂය සඳහා ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් ලිමිටඩ්
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ
(iii) 2013 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ
(iv) 2013 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ
(v) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ
(vi) 2012/2013 වර්ෂය සඳහා සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ
(vii) 2013 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ
(viii) 2013 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ
(ix) 2013 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී සේවයේ

යනාදී ආයතනවල වාර්ෂික වාර්තා

(x) 2014 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ
(xi) 2009, 2010, 2011, 20122013 and 2014 වර්ෂ සඳහා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් මන්ත්‍රී වරුන් විසින් ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම්

(i) ගරු චන්දිම වීරක්කොඩි මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු බිමල් රත්නායක මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(iv) ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
(v) ගරු රංජිත් අලුවිහාරේ මහතා - පෙත්සම් හතරයි
(vi) ගරු කේ. තුරෙයිරත්නසිංහම් මහතා
(vii) ගරු පාලිත තෙවරප්පෙරුම මහතා - පෙත්සම් හතයි
(viii) ගරු මනූෂ නානායක්කාර මහතා            
(ix) ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය  
(x) ගරු රවීන්ද්‍ර සමරවීර මහතා - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)


ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා

මෙරට ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයන්ගේ පවුලේ සාමාජිකයන් විසින් පවත්වාගෙන යනු ලබන විදේශීය ගිණුම් සම්බන්ධයෙන්


අමාත්‍යාංශ නිවේදන

මහ ඇළ දී පොලිස් ප්‍රහාරයකින් පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් මතුකල පැනයට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් ලබා දුන් අතුරු පිළිතුර


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

ගරු බුද්ධික පතිරණ මහතාට පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

(i) “මවුන්ට් කාමෙල් අධ්‍යාපනික ආයතනය සංස්ථාගත කිරීම”
(ii) “එස්. බී. නාවින්න පදනම සංස්ථාගත කිරීම”

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට පිළිතුරු වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) දරන පනත් කෙටුම්පත් පිළිවෙලින් අධ්‍යාපන අමාත්‍යතුමා සහ සමාජ සුභසාදන අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

(iii) ගරු ශෙහාන් සේමසිංහ මහතාට පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

“අනුර විදානගමගේ ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීම”

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට පිළිතුරු වාර්තා කිරීම සඳහා ඉහත කෙටුම්පත සමාජ සුභසාදන අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.


සභාව ආරම්භයේදී ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයයන් (විෂය අංක 1 සිට 8 දක්වා අද දින න්‍යාය පත්‍රයේ සඳහන්) සභාව විසින් සම්මත කරන ලදී.

(i) රේගු ආඥාපනත යටතේ නියමය
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(iii) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව

පහත සඳහන් පනත් කෙටුම්පත් දෙකක් (විෂය අංක 9 සහ 10 වශයෙන් අද දින න්‍යාය පත්‍රයේ සඳහන්) සභාවේ අවසරය සමග ඉවත් කරන ලදී

• අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)
• දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)


සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව

"සමූපකාර සමිතිවල නිසි කළමනාකරණය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2016 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි