ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 ජනවාරි මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-01-26

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


අභිනව මන්ත්‍රීන්ගේ ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු ඒ. ආර්. ඒ. හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු එම්. එස්. තෞෆික් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඒ. ආර්. ඒ. හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
‘B’     :  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය

‘C’     :  “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)”
‘D’     :  “ක්ෂුද්‍රමූල්‍ය”
‘E’     :  “ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාර─

  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXIII වැනි කොටස; සහ
  • 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VI සහ VII වැනි කොටස්, දෙවැනි කාණ්ඩයේ VIII, IX සහ X වැනි කොටස් සහ පස්වැනි කාණ්ඩයේ II වැනි කොටස

වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2014 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ   
(ii)    2012 සහ 2013 වර්ෂ සඳහා වූ මුදල් කොමිෂන් සභාවේ
(iii)   2014 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv)   2014 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v)    2014 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi)   2014 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii)  2014 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii)  2014 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix)   2014 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(x)    2014 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xi)   2014 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xii)  2014 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


(xiii)    1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ පනතේ 52 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


(xiv)    2013 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ
(xv)     2013 වර්ෂය සඳහා සී/ස සීනෝර් පදනමේ

වාර්ෂික වාර්තා

(xvi)    ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 ජනවාරි 15 දිනැති අංක 1793/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2013 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල ඇතුළත් 13 සහ 17 වැනි වගන්ති සංශෝධනය කරමින් 2015 නොවැම්බර් 9 දිනැති අංක 1940/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

 (i)     ගරු ජෝන් අමරතුංග මහතා                    
(ii)     ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් හයයි
(iii)    ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා - පෙත්සම් දෙකයි
(iv)    ගරු ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් දෙකයි
 (vii)  ගරු වසන්ත අලුවිහාරේ මහතා - පෙත්සම් හතරයි
(viii)  ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් පහයි
(ix)   ගරු ලකී ජයවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(x)    ගරු ජේ. සී. අලවතුවල මහතා - පෙත්සම් දෙකයි
(xi)   ගරු ජයන්ත සමරවීර මහතා - පෙත්සම් දෙකයි
(xii)  ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා - පෙත්සම් තුනයි
(xiii) ගරු සුජිත් සංජය පෙරේරා මහතා                    
(xiv) ගරු එස්. එම්. මරික්කාර් මහතා - පෙත්සම් තුනයි
(xv)  ගරු හර්ෂණ රාජකරුණා මහතා                    
(xvi) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වූ

 “ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ)
(ii)   “මාතර සමය” සංවිධානය (සංස්ථාගත කිරීමේ)

පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


(iii)    “හේදන් අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)”  

පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු විජිත බේරුගොඩ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට අවසර දෙන ලදී;

(iv)    හඳගල වලගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)
(v)    මෛත්‍රීපාල සේනානායක පදනම (සංස්ථාගත කිරීමේ)
(vi)    ශ්‍රී ගුණරතන ජාත්‍යන්තර පදනම (සංස්ථාගත කිරීමේ)

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (iv) සහ (vi) පනත් කෙටුම්පත් බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලද අතර, (v) පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


(vii)    “මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ)”
 
පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු කනක හේරත් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය වෙත යොමු කරන ලදී.


(viii)    “ශ්‍රී ලංකා පරිගණක සංගමය (සංස්ථාගත කිරීමේ)”  

පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


(ix)    “දයා සරණ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”  

පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මියට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“2015.12.19 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව යටතේ යෝජනා දොළහ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2016 ජනවාරි මස 27 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි