2016 ජනවාරි මස 12 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-01-12 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
‘B’ : “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” සහ “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ගය
‘C’ : ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන් ලිපිය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) (136 වැනි අධිකාරය වූ) පඩිපාලක සභා ආඥාපනතේ 63 වැනි වගන්තිය යටතේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගය
(ii) 2015 ඔක්තෝබර් මස 6 දින ඇති කර ගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ පෝලන්ත ජනරජ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම
(iii) 1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10(අ) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 සැප්තැම්බර් 22 දිනැති අංක 1933/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව;
(iv) 2015 සැප්තැම්බර් 17 දිනැති අංක 1932/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v) 2015 සැප්තැම්බර් 22 දිනැති අංක 1933/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vi) 2015 ඔක්තෝබර් 01 දිනැති අංක 1934/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vii) 2015 ඔක්තෝබර් 09 දිනැති අංක 1935/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(viii) 2015 ඔක්තෝබර් 28 දිනැති අංක 1938/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ix) 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියම.
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
ඇඹිලිපිටිය, මහ-ඇල ප්‍රදේශයේ දී පොලීසියේ පහරදීමකින් තරුණයෙකු මරණයට පත්වීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) - (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස.
(ii) ක්ෂුද්‍රමූල්‍ය - ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය කරගෙන යනු ලබන සමාගම් සඳහා බලපත්‍රදීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීමට ද; ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් සීමිත ඉතිරි කිරීමේ තැන්පතු භාරගන්නා රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම; ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය රාජ්‍ය නොවන සංවිධාන නියාමනය හා අධීක්‍ෂණය කිරීම සඳහා ප්‍රමිති ස්ථාපිත කිරීමට සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද.
(iii) ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) - ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශවයන්ට අදාළව කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද; සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම එකී භික්ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශවයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද; යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද.
ඉහත සඳහන් පනත් කෙටුම්පත් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය
විවාදයට ගෙන ඉදිරි දිනකට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1430 ට 2016 ජනවාරි මස 26 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






