ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 දෙසැම්බර් මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-12-19

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’   : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් ලැබී ඇති බව
‘B’   : ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර-

  • 2010 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XIV වැනි කොටස;
  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI වැනි සහ XII වැනි කොටස්.


වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii)   2014 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා

(iii)  2014 අංක 41 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2015

(iv)  2012 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් තුනයි
(ii)    ගරු විජිත් විජයමුණි සොයිසා මහතා - පෙත්සම් දෙකයි
(iii)   ගරු දයාසිරි ජයසේකර මහතා - පෙත්සම් දෙකයි
(iv)   ගරු පියංකර ජයරත්න මහතා
(v)    ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා        
(vi)   ගරු අශෝක් අබේසිංහ මහතා - පෙත්සම් තුනයි
(vii)  ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - පෙත්සම් හතරයි
(viii) ගරු කනක හේරත් මහතා
(ix)   ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනයේ භූගත ජලය දූෂණය වීම

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ විමර්ශනය සඳහා පත් කරන ලද කමිටුවක වාර්තාවක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය, ගරු දයාසිරි ජයසේකර මහතා විසින් නිවේදනයක්  කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“චන්ද්‍රකුමාර් සමාජ සංවර්ධන පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ විසිහතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

2016 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 109 කින් සම්මත කරන ලදී.

 

වැඩි විස්තර සඳහා, 'අයවැය 2016' වෙත පිවිසෙන්න.

 

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 21 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)     මුදල් පනත යටතේ නියෝගය
(ii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iii)   සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය
(iv)   මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(v)    රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝගය
(vi)   දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(vii)  ආංශික අධීක්ෂණ කාරක සභා - සංශෝධන සහිතව
(viii)  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව - සංශෝධන සහිතව
(ix)   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා දොළහක් (ඡන්ද විමසීමක් පවත්වන ලදී. පක්ෂව ඡන්ද 156. තුනෙන් දෙකක වි‌ශේෂ බහුතර ඡන්දයකින් අනුමත කරන ලදී)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2016 ජනවාරි මස 9 වැනි සෙනසුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි