ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 දෙසැම්බර් මස 16 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-12-16

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු එස්. බී. දිසානායක මහතා                    
(ii)    ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - පෙත්සම් දෙකයි
(iii)   ගරු සුජීව සේනසිංහ මහතා - පෙත්සම් හතයි
(iv)   ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් හයයි
(v)    ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් එකොළහයි
(vi)   ගරු රංජිත් අලුවිහාරේ මහතා
(vii)  ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් හතරයි
(viii) ගරු විදුර වික්‍රමනායක මහතා
(ix)   ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් නවයයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2015 දෙසැම්බර් මස 02 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“යූ. එල්. එම්. ෆාරුක් පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සුජිත් සංජය පෙරේරා මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ විසිඑක්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නුවරඑළිය අධ්‍යයන මධ්‍යස්ථානයට ස්ථිර ගොඩනැගිල්ලක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2015 දෙසැම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2016]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි