2015 දෙසැම්බර් මස 15 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-12-15 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර-
- 2011 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XV වැනි කොටස;
- 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX සහ XXI වැනි කොටස් සහ හයවැනි කාණ්ඩයේ XXII වැනි කොටස;
- 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ III, IV සහ V වැනි කොටස් සහ දෙවැනි කාණ්ඩයේ XVII වැනි කොටස; සහ
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ II සහ III වැනි කොටස් සහ තුන්වැනි කාණ්ඩයේ I වැනි කොටස
මෙම වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු පී. හැරිසන් මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු විමලවීර දිසානායක මහතා
(iv) ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(v) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් හතරයි
(vi) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් තුනයි
(vii) ගරු සන්දිත් සමරසිංහ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
වේරැස් ගඟ වැසි ජල අපවහන ව්‍යාපෘතිය යටතේ අසාධාරණ ලෙස ඉඩම් පවරා ගැනීම හේතුවෙන් පවුල් 2000 කට වැඩි පිරිසක් මුහුණ පා ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2015 දෙසැම්බර් මස 12 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ශ්‍රී ලංකා වෘත්තීයවේදී බැංකුකරුවන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රොෂාන් රණසිංහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මුදල් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “පුරාවස්තු සුරැකීමේ සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අජිත් මාන්නප්පෙරුම මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(iii) “කොටසර පියංගල රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
පහත සඳහන් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට ගරු මයන්ත දිසානායක මහතාට අවසර දෙන ලදී;
(iv) සමස්ත ලංකා භික්ෂු සහයෝගිතා සංවර්ධන පදනම
(v) අතරගල්ල එක්සත් ප්‍රජා සංවර්ධන පදනම
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් බුද්ධශාසන අමාත්‍යතුමා සහ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව
2016 විසර්ජන පනත් කෙටුම්පතේ විසිවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 දෙසැම්බර් මස 16 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






