ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 දෙසැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-12-11

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ටී. බී. ඒකනායක මහතා - පෙත්සම් දෙකයි
(ii)   ගරු ජයන්ත සමරවීර මහතා
(iii)  ගරු හර්ෂණ රාජකරුණා මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

(i)    දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) - (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා.
(ii)   අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට ගරු අලී සාහීර් මවුලානා සෙය්යිඩ් මහතාට අවසර දෙන ලදී;

(i)    කාසිමි පදනම
(ii)   සෙය්යිද් ෂේහ් කෝයා තංගල් මවුලානා පදනම

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

(iii)    “සත්මෙත්සිත්හවුල සමිතිය (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජයන්ත සමරවීර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

(iv)    “ජයන්තිපුර සුභසාධක සංගමය (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1826 ට 2015 දෙසැම්බර් මස 12 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


[අයවැය 2016]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි