ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 දෙසැම්බර් මස 9 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-12-09

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු වසන්ත අලුවිහාරේ මහතා - පෙත්සම් හතයි
(ii)   ගරු ගාමිණී ලොකුගේ මහතා
(iii)  ගරු ලකී ජයවර්ධන මහතා - පෙත්සම් හයයි
(iv)  ගරු රංජිත් අලුවිහාරේ මහතා - පෙත්සම් තුනයි
(v)   ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් අටයි
(vi)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

(i)    අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා - 2016 අයවැය යෝජනාවලට අදාළ කරුණු
(ii)   අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා - පාසල් නිල ඇඳුම් සඳහා වවුචර පත් ලබා දීම

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“රංජිත් අලුවිහාරේ පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එඩ්වඩ් ගුණසේකර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ට වන්දි ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉෂාක් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 දෙසැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2016]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි