2015 දෙසැම්බර් මස 8 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-12-08 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු පී. හැරිසන් මහතා
(ii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු විදුර වික්‍රමනායක මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
පහත සඳහන් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී;
(i) ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය
(ii) සහන ප්‍රජා සංවර්ධන පදනම
(iii) සෙරෙට්සෙ ඛාමා පදනම් භාරය
(iv) දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය
(v) සමාධි ප්‍රජා සංවර්ධන පදනම
(vi) ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් -
(i) කාන්තා හා ළමා කටයුතු
(ii) සහ (iii) සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
(iv) සහ (v) අධ්‍යාපන
(vi) බුද්ධශාසන
අමාත්‍යවරුන් වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව
2016 විසර්ජන පනත් කෙටුම්පතේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට සිය ස්ථාවර තැන්පතු මත ණය ලබාගැනීමේ පහසුකම ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2015 දෙසැම්බර් මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






