2015 දෙසැම්බර් මස 2 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-12-02 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
‘A’ : පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් පත් කිරීම
‘B’ : සබරගමුව පළාතේ පළාත් සභාවෙන් ලැබුණු දැනුම් දීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු විජිත හේරත් මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
(iii) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
දෙමළ දේශපාලනික සිරකරුවන්ට පොදු සමාව පිරිනැමීම සම්බන්ධයෙන්
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක වක්කුඹුර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී;
(ii) ශ්‍රී ලංකා හිරා පදනම (සංස්ථාගත කිරීමේ)
(iii) අල්මනාර් විදුහල (සංස්ථාගත කිරීමේ)
(iv) හිස්බුල්ලාහ් පදනම (සංස්ථාගත කිරීමේ)
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (ii) සහ (iv) පනත් කෙටුම්පත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙතද, (iii) පනත් කෙටුම්පත තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙතද යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2016) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි.
විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී. එයට පක්ෂව ඡන්ද 159 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 52 ක් ප්‍රකාශ විය.
විසර්ජන පනත් කෙටුම්පත (2016) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2015 දෙසැම්බර් මස 3 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






