ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 දෙසැම්බර් මස 1 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-12-01

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1982 අප්‍රේල් 16 දින අත්සන් කරන ලද ආයෝජන වර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම උදෙසා මලයාසියාවේ ආණ්ඩුවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවත් අතර ඇතිවූ ගිවිසුම.
(ii)    1986 මාර්තු 13 දින අත්සන් කරන ලද අන්‍යොන්‍ය වශයෙන් ආයෝජනය ප්‍රවර්ධනය කරගැනීම හා සුරක්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවත් මහජන චීන සමූහාණ්ඩුවේ රජයත් අතර ඇති කර ගන්නා ලද ගිවිසුම.
(iii)    1996 ජනවාරි 3 දින අත්සන් කරන ලද ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ තායිලන්ත රජයේ ආණ්ඩුව අතර ඇතිකර ගන්නා ලද ගිවිසුම.
(iv)    1996 මාර්තු 11 දින අත්සන් කරන ලද අන්‍යොන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඊජිප්තු අරාබි ජනරජයේ ආණ්ඩුව අතර ඇති කර ගන්නා ලද ගිවිසුම.
(v)    1996 ජූනි 10 දින අත්සන් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයත් ඉන්දුනීසියා ජනරජයේ රජයත් අතර ආයෝජන ප්‍රවර්ධනය සහ රැකවරණය පිළිබඳ ගිවිසුම.
(vi)    1997 ජනවාරි 22 දින අත්සන් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයත්, ඉන්දියා ජනරජයේ රජයත් අතර ආයෝජන ප්‍රවර්ධනය සහ රැකවරණය පිළිබඳ ගිවිසුම.
(vii)    2000 ජනවාරි 5 දින අත්සන් කරන ලද ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවත් පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුවත් අතර ඇති කරගන්නා ලද ගිවිසුම.
(viii)    2000 ජුලි 25 දින අත්සන් කරන ලද ආයෝජන ප්‍රවර්ධන කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවත් ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුවත් අතර වූ ගිවිසුම.
(ix)    2009 ඔක්තෝබර් 22 දින අත්සන් කරන ලද ආයෝජන ප්‍රවර්ධනය සහ සුරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ වියට්නාම සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ගිවිසුම.
(x)    2009 නොවැම්බර් 5 දින අත්සන් කරන ලද ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යොන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ කුවේට් රාජ්‍යයේ ආණ්ඩුව අතර ගිවිසුම.
(xi)    2011 මාර්තු 28 දින අත්සන් කරන ලද ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා සහ අන්‍යොන්‍ය වශයෙන් සුරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චෙක් ජනරජය අතර ගිවිසුම.
(xii)    2012 මැයි 22 දින අත්සන් කරන ලද කටාර් රාජ්‍යයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ආයෝජන අන්‍යොන්‍ය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂා කිරීම සඳහා ගිවිසුම.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

ගරු අශෝක් අබේසිංහ මහතා - පෙත්සම් පහයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
විශ්‍රාම වැටුප් ගණනය කිරීමේදී වැටුපෙන් 85% ක් නොලැබීම හේතුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන්

 

අමාත්‍යාංශ නිවේදන

කුඩා වී මෝල් හිමියන් මුහුණ පා ඇති දුෂ්කර තත්වය පිළිබඳව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතාට අවසර දෙන ලදී;

(i)    ත්‍රිකුණාමලය, පන්කුලම, මොරවැව දකුණු සිරිගජබා ගල්ලෙන් රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරී‍මේ)
(ii)   සුසන්ත පුංචිනිලමෙ පදනම (සංස්ථාගත කිරී‍මේ)

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් බුද්ධශාසන අමාත්‍යතුමා සහ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


(iii)    “එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන පදනම (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


(iv)    “ශ්‍රී ලංකා ෆාතිහ් ආයතනය (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඉෂාක් රහුමාන් මහතාට අවසර දෙන ලදී.

(v)    “දෙල්තොට මහ්ෆලුල් උලමා අරාබි විදුහල (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එච්. එම්. සල්මාන් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (iv) සහ (v) පනත් කෙටුම්පත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 යටතේ සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වතු ප්‍රදේශ සංවර්ධනය කිරීමට ඇති බාධා ඉවත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදය පැය  1900 ට 2015 දෙසැම්බර් මස 2 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2016]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි