ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 නොවැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-11-24

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ
(ii)   2014 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ
(iii)  2014 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
(iv)  2013 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(v)    2012 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ
(vi)   2013 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලංකා ලේලන්ඩ් ලිමිටඩ්හි
(vii)  2012 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ
(viii) 2012 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ

වාර්ෂික වාර්තා

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
5 ශ්‍රේණියේ දරුවන්ට ලබා දුන් ශිෂ්‍යත්ව අසාධාරණ ලෙස කප්පාදු කිරීම සම්බන්ධයෙන්

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) “සීමාසහිත මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු දිළුම් අමුණුගම මහතාට අවසර දෙන ලදී.

(ii) “ධම්මදීප පදනම (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හර්ෂණ රාජකරුණා මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 යටතේ සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදයේ තෙවැනි වෙන් කළ දිනය අදයි.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදය පැය  1830 ට 2015 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2016]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි