ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-11-21

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’   :  2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘B’   :  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘C’   :  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘D’   :  මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ
(ii)    2012 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
(iii)   2012 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
(iv)   2012 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ
(v)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ
(vi)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
(vii)  2012 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ
(viii) 2012 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ
(ix)   2012 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(x)    2012 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(xi)   2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
(xii)  2013 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ
(xiii) 2013 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ

වාර්ෂික වාර්තා

(xiv)    2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරිමේ පනතේ 13(1)(ඈ) වැනි වගන්තිය සහ 16 වැනි වගන්තිය සමග කියවිය යුතු 112 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මාර්තු 25 දිනැති අංක 1907/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xv)    2006 අංක 12 දරන මුද්ද‍ර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2015 සැප්තැම්බර් 21 දිනැති අංක 1933/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xvi)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු  සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2015 ඔක්තෝබර් 2 දිනැති අංක 1934/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xvii)    කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ, 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ සුරාබදු  සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2015 ඔක්තෝබර් 2 දිනැති අංක 1934/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 975, 976 සහ 977 දරන සුරාබදු නිවේදන)
(xviii)    2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 54 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 ජුනි 8 දිනැති අංක 1918/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලිබල (විදුලි පරීක්ෂකවරුන්ගේ කාර්යය, කර්තව්‍ය හා කාර්යය පටිපාටි) පිළිබඳ නියෝග
(xix)    2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 අගෝස්තු 6 දිනැති අංක 1926/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 යටතේ සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.

 

2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාවේ ඇමුණුම සංශෝධනය (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2 යටතේ සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2016) දෙවැනි වර කියවීමේ විවාදය පැය  1820 ට 2015 නොවැම්බර් මස 23 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2016]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි