2015 නොවැම්බර් මස 6 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-11-06 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 2014 අංක 41 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2015
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අනුර දිසානායක මහතා
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්
අමාත්‍යාංශ නිවේදන
“පුත්තලම ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ නව ක්‍රමවේදයක්” පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා සභාවේ දී නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ
“විසර්ජන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ශ්‍රී ලංකා මනෝ සමාජ වැඩ වෘත්තීයවේදී ආයතනය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතාට අවසර දෙන ලදී.
(ii) “රෝයල් චැරිටි පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මයන්ත දිසානායක මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
(i) රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම
දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය පළාත් පාලන ආයතන බලප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බලප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බලප්‍රදේශය, පොලිස් බලප්‍රදේශය, ගොවිජන සේවා බලප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බලප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බලප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යුහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(ii) නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතරමග ඇන හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි භව භෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(iii) පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාමවිනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාමවිනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(iv) සියලුම පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳව නැවත සලකා බැලීම
දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සහා වල ගරු අමාත්‍යවරුන්, සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරුන් සහ ගරු මන්ත්‍රීවරුන්ගේ දීමනා, වරප්‍රසාද හා පහසුකම් ක්‍රමවත් තත්ත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(v) පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම
දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සහාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරයන්, විපක්ෂනායකවරයන් හා මන්ත්‍රීවරයන්ගේ දීමනා, වරප්‍රසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1838 ට 2015 නොවැම්බර් මස 20 වැනි සිකුරාදා පැය 1400 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






