2015 නොවැම්බර් මස 5 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-11-05 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර -
(i) 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හතරවැනි කාණ්ඩයේ X වැනි කොටස සහ හයවැනි කාණ්ඩයේ XXI වැනි කොටස; සහ
(ii) 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XIII සහ XIV වැනි කොටස්, හතරවැනි කාණ්ඩයේ V වැනි කොටස සහ පස්වැනි කාණ්ඩයේ I වැනි කොටස; සහ
(iii) 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හතරවැනි කාණ්ඩයේ I වැනි කොටස
මෙම වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව
(ii) 2014 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය කොටුව ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්
(ii) ගරු අනුර දිසානායක මහතා
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්
අමාත්‍යාංශ නිවේදන
“රජයේ අන්තර්කාලීන ආර්ථික ප්‍රතිපත්තිය” පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ දී නිවේදනයක් කළේය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“මර්කස් සකාෆතුල් ඉස්ලාමියා (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මතු දැක්වෙන විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනා තුනක්
(iii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“නාය යෑම් නිසා ආපදාවට ලක් වූවන් වෙනත් ස්ථානයක පදිංචි කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වේලු කුමාර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2015 නොවැම්බර් මස 6 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






