2015 නොවැම්බර් මස 4 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-11-04 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
2015.11.03 දින පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ආරක්ෂාව සම්බන්ධයෙන්
අමාත්‍යාංශ නිවේදන
යාපනය අර්ධද්වීපයේ වගා කරන එළවලු වර්ග සඳහා සුදුසු වෙළඳපොළක් නොමැති වීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම අමාත්‍ය, ගරු දුමින්ද දිසානායක මහතා විසින් පිළිතුරු දෙන ලදී.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 125 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් විසි හතර දෙනෙකුගෙන් (24) සමන්විත විය යුතු ය යනුවෙන් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ යෝජනාවකට සභාව එකඟ විය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් විසි හතර දෙනෙකුගෙන් (24) සමන්විත විය යුතු ය යනුවෙන් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ යෝජනාවකට සභාව එකඟ විය.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 128 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් (20) සමන්විත විය යුතු ය යනුවෙන් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ යෝජනාවකට සභාව එකඟ විය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 24 දරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත (සංශෝධන)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ටී. රංජිත් ද සොයිසා මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“'ඇවන්ගාඩ්' සිද්ධිය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 නොවැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






