ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 නොවැම්බර් මස 3 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-11-03

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’:  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
‘B’:  තේරීම් කාරක සභාවේ රැස්වීම

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර 2014 වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව
එම වාර්තාව මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ
(ii)    2014 වර්ෂය සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iii)    2012 වර්ෂය සඳහා මූලික අධ්‍යයන ආයතනයේ
(iv)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ
(v)    2011 සහ 2012 වර්ෂ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ

වාර්ෂික වාර්තා

(vi)    2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 26 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මැයි 18 දිනැති අංක 1915/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා
කොළඹ 7, වෝඩ් පෙදෙසේ දී උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා (HNDA) සිසුන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ කාරණය සම්බන්ධයෙන්

 

අමාත්‍යාංශ නිවේදන

(i)    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - HNDA පාඨමාලාවට වාණිජ උපාධිය හා සමාන තත්වයක් යළි ලබාදීමට නිර්දේශ කර ඇති පියවර

(ii)    නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු තිලක් මාරපන මහතා - HNDA සිද්ධියෙහි වත්මන් තත්වය
සභාවේ දී නිවේදන සිදු කළහ.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) “තිදොර - තියටර් ඉන්ස්ටිටියුට් ‍ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාට අවසර දෙන ලදී.

(ii) “රවීචන්ද්‍ර පදනම (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ යෝජනා හයක්

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවල අක්‍රමිකතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1838 ට 2015 නොවැම්බර් මස 4 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි