2015 ඔක්තෝබර් මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-10-23 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘B’ : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘C’ : වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2012 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2016 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ
“විසර්ජන”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අලී සාහීර් මවුලානා සෙය්යිඩ් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් 2015.10.22 දින ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) විසින් සම්මත කරන ලද යෝජනාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාවේ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 නොවැම්බර් මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






