ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-10-20

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’:  2015 සැප්තැම්බර් මස 23 වැනි දින විවාදයට ගෙන කල් තබන ලද යෝජනා පිළිබඳව කථානායකතුමාගේ තීරණය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    “උදලාගම” සහ “පරණගම” ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව
(ii)    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2014 වර්ෂයේ පැවැති 103 වැනි සැසිවාරයේදී පිළිගනු ලැබූ 29 වැනි සම්මුතිය සඳහා මූල ලේඛය
(iii)    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2014 වර්ෂයේ පැවැති 103 වැනි සැසිවාරයේදී පිළිගනු ලැබූ නිර්දේශය


(iv)   2013 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ
(v)    2014 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ
(vi)   2012 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ
(vii)  2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ
(viii) 2013 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ

වාර්ෂික වාර්තා


(ix)    (52 වැනි අධිකාරිය වන) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමග කියවනු ලබන 25 වැනි වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති වි‍ශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය

(x)    2014 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ
(xi)   2013 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(xii)  2014 වර්ෂය සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ
(xiii)  2014 වර්ෂය සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා


(xiv)  1985 අංක 48 සහ 1987අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපගවන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 ජුනි 11 දිනැති අංක 1918/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

අමාත්‍යාංශ නිවේදන

සිය ජපන් රාජ්‍ය සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ දී නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“කෂි බුණ්ඩා ශ්‍රී ලංකා පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ටී. රංජිත් ද සොයිසා මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i)    දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව  - පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලද අතර පහත සඳහන් පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීම සඳහා ගෙන සංශෝධන සහිතව සම්මත කරන ලදී:-
(ii)   දේශීය ආදායම් (සංශෝධන)
(iii)  මුදල්
(iv)  එකතු කළ අගය මත බදු (සංශෝධන)
(v)   ජාතිය ගොඩනැගීමේ බදු  (සංශෝධන)
(vi)  ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(vii) ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමෘද්ධි වැඩසටහන වෙනුවට නව විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2015 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි