2015 ඔක්තෝබර් මස 9 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-10-09 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’: උසස් නිලතල පිළිබඳ කාරක සභාවට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘B’: (ව්‍යවස්ථාදායක) ස්ථාවර කාරක සභාවලට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ
(ii) 2014 වර්ෂය සඳහා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ
(iii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ
කාර්යසාධන වාර්තා
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක වක්කුඹුර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලාංකීය මුහුදු තීරය තුළ නීති වීරෝධීව මසුන් ඇල්ලීමේ කාරණය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1751 ට 2015 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






