2015 ඔක්තෝබර් මස 8 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-10-08 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’: පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ
(ii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ
වාර්ෂික වාර්තා
(iii) 2014 වර්ෂය සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
උසස් නිලතල පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 128අ සහ 129 (අ) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපති වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන්ද (12) සමන්විත විය යුතු ය යනුවෙන් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ යෝජනාවකට සභාව එකඟ විය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“සුජීව සේනසිංහ පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උමා ඔය ව්‍යාපෘතිය නිසා ආපදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2015 ඔක්තෝබර් මස 9 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






