2015 ඔක්තෝබර් මස 6 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2015-10-06 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : 2015 සැප්තැම්බර් මස 23 වැනි බදාදා විවාද කර කල් තබන ලද යෝජනා සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය නුදුරු දිනයක දී දැනුම්දීමට නියමිත බව
‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි පිටපතක් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (4) වගන්තියට අනුව මුදල් කොමිෂන් සභාවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ
(ii) 2014 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(iii) 2014 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ
(v) 2014 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ
(vi) 2014 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ
(vii) 2014 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ
(viii) 2014 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ
(ix) 2014 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(x) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ
(xi) 2014 වර්ෂය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ
(xii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
(xiii) 2014 මුදල් වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ
(xiv) 2014 වර්ෂය සඳහා සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xv) 2013 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තාව
(xvi) (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2015 මැයි 5 දිනැති අංක 1913/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව
(xvii) 2015 මාර්තු 25 දිනැති අංක 1907/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xviii) 2015 අප්‍රේල් 1 දිනැති අංක 1908/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xix) 2015 අප්‍රේල් 23 දිනැති අංක 1911/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xx) 2015 ජුනි 5 දිනැති අංක 1917/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xxi) 2015 ජුනි 16 දිනැති අංක 1919/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xxii) 2015 ජුනි 29 දිනැති අංක 1921/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xxiii) 2015 ජූලි 20 දිනැති අංක 1924/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xxiv) 2015 සැප්තැම්බර් 7 දිනැති අංක 1931/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියමයන්
(xxv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මැයි 5 දිනැති අංක 1913/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxvi) 2014 අංක 41 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2015.
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය දිස්ත්‍රික්කයේ සුභසාධන මධ්‍යස්ථානවලට පහසුකම් සැපයීම සම්බන්ධයෙන්
(ii) ගරු අනුර දිසානායක මහතා
කැළණි ගඟේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන්
ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක)
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සභාව එකඟ විය;
පිළිවෙළින් “ඒ” ස්ථාවර කාරක සභාව සහ “බී” ස්ථාවර කාරක සභාව යනුවෙන් හැඳින්විය යුතු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා දෙකක් පත් කළ යුතු ය.
එක් එක් කාරක සභාවක් මන්ත්‍රීන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු අතර, යම්කිසි විශේෂිත පනත් කෙටුම්පතක් සලකා බැලීම පිණිස අතිරේක වශයෙන් මන්ත්‍රීන් පහළොවකට (15) නොවැඩි ගණනක් එක් කාරක සභාවකට පත් කිරීමට කථානායකතුමාට බලය තිබිය යුතු ය;
එක් එක් ස්ථාවර කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීන් හතර දෙනෙකු (04) අවශ්‍ය විය යුතු ය.
කල් තැබීමේ යෝජනාව
“මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ඔක්තෝබර් මස 7 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






