ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2015 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2015-09-23

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව

(i)    2014 දෙසැම්බර් 2 දිනැති අංක 1891/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ii)   2014 දෙසැම්බර් 12 දිනැති අංක 1892/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iii)  2014 දෙසැම්බර් 31 දිනැති අංක 1895/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරන ලද නියමයන්.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව

(iv)    2015 ජනවාරි 22 දිනැති අංක 1898/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v)    2015 ජනවාරි 29 දිනැති අංක 1899/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vi)   2015 පෙබරවාරි 14 දිනැති අංක 1901/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vii)  2015 පෙබරවාරි 24 දිනැති අංක 1903/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(viii)  2015 මාර්තු 17 දිනැති අංක 1906/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරන ලද නියමයන්.

(ix)    (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2015 ජනවාරි 29 දිනැති අංක 1899/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(x)    (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(xi)  1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

(xii)   1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන‍ ලදුව 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

(xiii)   කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු 16 (ඇ) වැනි වගන්තිය යටතේ අරක්කු හා බියර් නිෂ්පාදකයන් විසින් ගෙවිය යුතු අවම මාසික සුරා බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(xiv)   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.

(xv)   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා 2014 අප්‍රේල් 3 වැනි දින ඇතිකර ගත් ගිවිසුම.

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග 124 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපති වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.

කථානායකතුමාගේ නිවේදනය

සභාවේ අවසරය ඇතිව ගරු කථානායකතුමා විසින් මතු සඳහන් මන්ත්‍රීන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සභිකයින් වශයෙන් පත් කරන ලදී:-

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු රවුෆ් හකීම් මහතා
ගරු මහින්ද සමරසිංහ මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු රවී කරුණානායක මහතා
ගරු රිසාඩ් බදියුදීන් මහතා
ගරු පාඨලී චම්පික රණවක මහතා
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා
ගරු මනෝ ගනේසන් මහතා
ගරු අජිත් පී. පෙරේරා මහතා
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය

 

අමාත්‍යාංශ නිවේදන

මෑතකදී සිදුකළ සිය ඉන්දියානු රාජ්‍ය සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ නියමයන් හයක්

කල් තබන ලද විවාදය ඉදිරියේ දී කරගෙන යෑමට නියමිතයි.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ඔක්තෝබර් මස 6 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි