ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2024) - තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම

- 2023 දෙසැම්බර් මස 13 වැනි බදාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, විසර්ජන (2024) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ද, විරුද්ධව ඡන්ද 81 ක් ද ප්‍රකාශ විය.

 

ඒ අනුව, 2023 නොවැම්බර් මස 13 වැනි දින ආරම්භ වූ “2024 අයවැය” කටයුතු අද දින නිමාවට පත්විය.

 

දහනවවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහනවවැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 13 වැනි බදාදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය අදයි. 102, 240, 241 සහ 247 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
329
333
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

 

 

දහහත්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහත්වැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 11 වැනි සඳුදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. 151 සහ 282 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
151
290
ධීවර අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
198
282
වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව

 

ප්‍රගති වාර්තා

 

 

දහඅටවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහඅටවැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 12 වැනි අඟහරුවාදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි. 187 සහ 186 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
187 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
186 තාක්ෂණ අමාත්‍යාංශය

 

ප්‍රගති වාර්තා

 

 

දහසයවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහසයවැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 09 වැනි සෙනසුරාදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. 118, 135, 289, 293, 337 සහ 501 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
118
281
285
292
කෘෂිකර්ම අමාත්‍යාංශය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
135
289
293
337
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
කුරුඳු කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
501 අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

 

 

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි