ප්‍රතිඵල
ප්‍රතිඵල
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වැඩිම ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලදී. පාර්ලිමේන්තු ආසන හිමිකර ගත් අනෙකුත් පක්ෂ වනුයේ සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජාතික ජන බලවේගය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂයයි. පහත දැක්වෙනුයේ එක් එක් පක්ෂයට ආසන වෙන් වී ඇති ආකාරය දැක්වෙන වගුවකි.
| දේශපාලන පක්ෂයේ නම | දිස්ත්‍රික් පදනමින් ලබාගත් ආසන | ජාතික පදනමින් ලබාගත් ආසන | එකතුව |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 128 | 17 | 145 |
| සමගි ජන බලවේගය | 47 | 7 | 54 |
| ඉලංකෙයි තමිල් අරසු කච්චි | 9 | 1 | 10 |
| ජාතික ජන බලවේගය | 2 | 1 | 3 |
| ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 2 | 0 | 2 |
| අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් | 1 | 1 | 2 |
| තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් | 1 | 0 | 1 |
| ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1 | 0 | 1 |
| මුස්ලිම් ජාතික සන්ධානය | 1 | 0 | 1 |
| තමිල් මක්කල් තේසිය කූට්ටනි | 1 | 0 | 1 |
| අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය | 1 | 0 | 1 |
| ජාතික කොංග්‍රසය | 1 | 0 | 1 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 1 | 0 | 1 |
| එක්සත් ජාතික පක්ෂය | 0 | 1 | 1 |
| අපේ ජන බල පක්ෂය | 0 | 1 | 1 |
ආශ්‍රිත ගැසට් නිවේදන:-
2020 අගෝස්තු මස 08 වැනි දින අංක 2187/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2020 අගෝස්තු මස 10 වැනි දින අංක 2188/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2020 අගෝස්තු මස 14 වැනි දින අංක 2188/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2020 දෙසැම්බර් මස 18 වැනි දින අංක 2206/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය
2021 ජුනි මස 18 වැනි දින අංක 2232/34 දරන අති විශේෂ ගැසට් පත්‍රය
අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවීම
අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවීම
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව මඟින් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2020 අගෝස්තු මස 20 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.
[ 2020 අගෝස්තු මස 03 වැනි දින අංක 2187/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]
99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුව
99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුව
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින් වශයෙන් තෝරා පත් කර ගැනීම පිණිස සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධ කර ඇත.
[ 2020 මාර්තු මස 20 වැනි දින අංක 2167/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]
මැතිවරණ දිනය
මැතිවරණ දිනය
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේ බලතල ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වූ දිනය 2020.08.05 වශයෙන් සංශෝධනය කර තිබේ. ශ්‍රී ලංකාවේ පැතිරී ගිය COVID-19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් මීට පෙර මැතිවරණ දිනය 2020.06.20 දිනට නියම කරන ලදී.
[ 2020 ජුනි මස 10 වැනි දින අංක 2179/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
ඡන්ද බලය (ඡන්ද අයිතිය), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරාපත් කරගනු ලැබීමට සුදුසුකම්, නාම යෝජනා සඳහා අවශ්‍යතා ආදිය පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතුළත් කර තිබේ. වැඩි විස්තර සඳහා පහත සඳහන් පිටු බලන්න.
- ඡන්ද බලය
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීම සඳහා සුදුසුකම්
- නාම යෝජනා සඳහා අවශ්‍යතා
- මැතිවරණ පැවැත්වීම
- මැතිවරණ ක්‍රමය
මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තවත් තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය:
www.slelections.gov.lk
More Articles...
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






