ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම

විසර්ජන පනත් කෙටුම්පත (2019) - තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම

- 2019 අප්‍රේල් මස 05 වැනි සිකුරාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, 2019 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද සම්මත කරන ලදී.

 

ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ක් ද, විරුද්ධව ඡන්ද 74 ක් ද ප්‍රකාශ විය.

 

ඒ අනුව, 2019 මාර්තු මස 05 වැනි දින ආරම්භ වූ 2019 අයවැය කටයුතු අද දින නිමාවට පත්විය.

 

දහනවවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහනවවැනි වෙන් කළ දිනය

- 2019 අප්‍රේල් මස 05 වැනි සිකුරාදා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය අදයි. 102 සහ 240 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
280
323
324
329
333
මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

 

 

දහහත්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහත්වැනි වෙන් කළ දිනය

- 2019 අප්‍රේල් මස 03 වැනි බදාදා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
108
202
308
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
140 කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

දහඅටවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහඅටවැනි වෙන් කළ දිනය

- 2019 අප්‍රේල් මස 04 වැනි බ්‍රහස්පතින්දා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
211
222
223
224
225
320
325
ආරක්ෂක අමාත්‍යාංශය
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
160
283
291
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව

 

 

දහසයවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහසයවැනි වෙන් කළ දිනය

- 2019 අප්‍රේල් මස 02 වැනි අඟහරුවාදා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
157
204
236
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
195
295
296
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
වාණිජ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි