ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සහ වි‌ශේෂ කාරක සභා වලට අදාළ කටයුතු

1.

ස්ථාවර නියෝග 57 හෝ 51(3)(අ) යටතේ පනත් කෙටුම්පතක් හෝ පළාත් සභාවක යෝජිත ව්‍යවස්ථාවක් ස්ථාවර කාරක සභාවට යොමුකළ විට හෝ ස්ථාවර නියෝග 53 ප්‍රකාර පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනාවක් ස්ථාවර කාරක සභාවට යොමු කළවිට ස්ථිර සාමාජිකයන්ට අමතරව ගරු කථානායකතුමා විසින් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නම් කරන අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ නම් ද විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු‌ගේ නම් ද කැඳවීමත් ඉන් අනතුරුව ඒවා පාර්ලිමේන්තු‌වේ නිවේදනය කරවීමත් පනත් කෙටුම්පත් කාර්යාංශයේ වගකීමකි.

2.

කාරක සභාවේ රැස්වීමකට දිනයක් නියම කිරීමෙන් අනතුරුව, කාරක සභාවේ සියලුම සාමාජිකයන් හට රැස්වීමට සහභාගී වන ලෙසත් පනත් කෙටුම්පතට අදාළව භාර දීමට ඇති සංශෝධන කල් ඇතිව භාර දෙන ලෙසත් දන්වා කැඳවීමේ ලිපි යැවීමද පනත් කෙටුම්පත් කාර්යාලය විසින් සිදු කළ යුතු වේ. කාරක සභාවේ සාමාජිකයන්ට අමතරව නීතිපතිවරයා, නීතිකෙටුම්පත් සම්පාදකවරයා සහ අදාළ අමාත්‍යංශවල වෙනත් නිලධාරීන් හට ද කාරක සභා රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනය කෙරේ.

3.

පනත් ‌කෙටුම්පත, ස්ථාවර නි‌යෝග 113 ප්‍රකාර ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකින් ‌හෝ ස්ථාවර නි‌යෝග 100 සහ 110 ප්‍රකාර වි‌ශේෂ කාරක සභාවකින් හෝ සලකා බලනු ලැබීමකින් අනතුරුව ‌යෝජනා කරනු ලැබී‌මෙන් එකඟ වූ සං‌ශෝධන සහ කාරක සභා‌වේ කාර්ය සටහන් ඇතුළත් කාරක සභා වාර්තාවක් පිළි‌යෙල කිරීම පනත් කෙටුම්පත් කාර්යාංශය සිදුකළ යුතු අතර ඉන් අනතුරුව එය භාෂා තු‌නෙන්ම සංසන්දනය කර කියවා බලා ස්ථාවර නි‌යෝග 68, 69 සහ 70 ප්‍රකාර මුද්‍රණය කරවා පාර්ලි‌මේන්තු‌වේ සභාගත කිරීම ද එම කාර්යාංශයේ වගකීමකි.

ස්ථාවර නි‌‌යෝග අංක 52
1. අංක 52 දරන ස්ථාවර නියෝගය යටතේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලැබීමෙන් පසු පනත් කෙටුම්පත් කාර්යාංශය එය භාෂා තුනෙන්ම සසඳා බලා ස්ථාවර නියෝග අංක 52(4) ප්‍රකාරව ගැසට් පත්‍ර අතිරේකයක් වශයෙන් පළ කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

2. ගැසට් පත්‍ර‌යේ පළවී‌මෙන් දින දාහතරක් ඉක්ම ගිය පසු පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් ස්ථාවර නි‌යෝග අංක 52(5) ප්‍රකාරව එය පළමුවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරවා ගැනීමට කටයුතු කළ යුතුය.

3. පළමු වර කියවී‌මෙන් පසුව පනත්‌ ‌කෙටුම්පත මුද්‍රණය කළ යුතු යැයි නි‌යෝග කරනු ලැබී‌මෙන් ඉක්බිතිව පනත් ‌කෙටුම්පත් කාර්යාංශය පනත් ‌කෙටුම්පතට අංකයක් ‌වෙන් ‌කොට මුද්‍රණය කරවා, 52(6) වන ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව වාර්තා කිරීම සඳහා එය අදාළ අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතුය.

4. අමාත්‍යවරයා‌ගේ වාර්තාව පාර්ලි‌මේන්තුවට ලැබුණු පසු පනත් කෙටුම්පත් කාර්යාංශය භාෂා තු‌නෙන්ම එය සසඳා බලා මුද්‍රණය ‌කොට පාර්ලි‌මේන්තු‌වට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

5. අමාත්‍යවරයා‌ගේ වාර්තාව මාස 6 ක් ඇතුළතදී නොලැබුණ‌හොත් අංක 52(7) දරන ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව එය භාර මන්ත්‍රීවරයා කැමැති දිනයක දෙවැනි වර කියවීම සඳහා පනත් ‌කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිණිස අවශ්‍ය කටයුතු පනත් ‌කෙටුම්පත් කාර්යාංශය විසින් කළ යුතුය.

 

ස්ථාවර නි‌‌යෝග අංක 53
1. ස්ථාවර නියෝග 53 යටතේ වන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සලකන විට, පනත් කෙටුම්පත භාර මන්ත්‍රීවරයා 53(1) ස්ථාවර නියෝගය ප්‍රකාරව පුවත්පත් වල සහ ගැසට් පත්‍රයේ භාෂා තුනෙන්ම පළ කරන ලද දැන්වීමේ පිටපත් ද සමඟ යෝජිත පනත් කෙටුම්පත මහලේකම්වරයාට භාර දිය යුතුය.

2. ඉහත සඳහන් කර ඇති ආකාරයට දැන්වීම පළකිරී‌මෙන් මාසයක කාලයක් ගතවී‌මෙන් අනතුරුව ස්ථාවර නි‌යෝග 52(4) ප්‍රකාර පනත් ‌කෙටුම්පත භාෂා තු‌නෙන්ම ගැසට් අති‌රේකයක් ‌ලෙස මුද්‍රණය කරවා ගනු ලැබීමට පනත් ‌කෙටුම්පත් කාර්යාංශය පියවර ගත යුතුය.

3. ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් දින දාහතරක් ගත වීමෙන් අනතුරුව ස්ථාවර නි‌‌යෝග 52(5) ප්‍රකාර ප්‍රථමවර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පනත් කෙටුම්පත් කාර්යාංශය පියවර ගත යුතුය.

4. ප්‍රථම වර කියවීමෙන් හා පනත් කෙටුම්පත මුද්‍රණය කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව ස්ථාවර නියෝග 52(6) ප්‍රකාර පනත් කෙටුම්පතට අංකයක් වෙන්කරවා එය මුද්‍රණය කිරීමට සලස්වා ඉන් අනතුරුව වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට පනත් කෙටුම්පත් කාර්යාංශය පියවර ගත යුතුය.

5. අමාත්‍යවරයා‌ගේ වාර්තාව පාර්ලි‌මේන්තුවට ලැබී‌‌මෙන් අනතුරුව එය භාෂා තු‌නෙන්ම සංසන්දනාත්මකව කියවා බලා ඉන් අනතුරුව මුද්‍රණය කිරීමටත්, සභාගත කිරීමටත් පනත් ‌කෙටුම්පත් කාර්යාංශය පියවර ගත යුතුය.

6. මාස හයක කාල සීමාවක් තුළ අමාත්‍යවරයා‌ගේ වාර්තාව පාර්ලි‌මේන්තු‌වට ‌නොලැබුණ‌හොත් ස්ථාවර නි‌යෝග 52(7) ප්‍රකාර ‌එය භාර මන්ත්‍රීවරයා කැමැති දිනයක දෙවන වර කියවීම සඳහා පනත් ‌කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරවා ගනු ලැබීමට පනත් ‌කෙටුම්පත් කාර්යාංශය පියවර ගත යුතුය.

7. අමාත්‍යවරයා‌ගේ වාර්තාව පාර්ලි‌මේන්තු‌‌වේ සභාගත කර පනත් ‌කෙටුම්පත ‌දෙවැනි වර කියවී‌මෙන් අනතුරුව එය ස්ථාවර කාරක සභාවක් ‌වෙත ‌යොමු කරනු ඇත. (ස්ථාවර කමිටුවල ක්‍රියා පටිපාටිය සඳහා කරුණාකර 3 වන පරිච්‌ඡේදය බලන්න)

1.

පුද්ගලික ආයතනයක් සංස්ථාගත කිරීම සඳහා වන ස්ථාවර නියෝග 53 යටතේ ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් සම්බන්ධ‌යෙන් ස්ථාවර නියෝග 53(1) ප්‍රකාරව පුවත්පත්වල සහ ගැසට් පත්‍ර‌යේ භාෂා තු‌නෙන්ම ප්‍රසිද්ධ කළ දැන්වී‌මේ පිටපත් ද සමඟ ‌යෝජිත පනත් ‌කෙටුම්පත අදාළ මන්ත්‍රීවරයා විසින් මහ ‌ලේකම්වරයා වෙත භාරදිය යුතුය.

   
2.

ඉහත සඳහන් කළ පරිදි දැන්වීම් පළකර මාසයක කාලයක් ඉකුත්වීමෙන් පසුව ස්ථාවර නියෝග 52(4) ප්‍රකාර එම පනත් කෙටුම්පත ගැසට් පත්‍ර‌යේ අති‌රේකයක් වශයෙන් භාෂා තු‌නෙන් ම මුද්‍රණය කරනු ලැබේ.

   
3.

ගැසට් පත්‍රයේ පළ වී දින දාහතරක් ගතවූ පසු, ස්ථාවර නියෝග 52(5) ප්‍රකාර පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ.

   
4.

පළමු වර කියවීමෙන් පසුව පනත් කෙටුම්පතට අංකයක් දී එය මුද්‍රණය කරනු ලැබීමෙන් ස්ථාවර නි‌යෝග 52(6) ප්‍රකාර වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා ‌වෙත ඉදිරිපත් කරනු ලැබේ.

   
5.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර නීතිපතිවරයාගේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සමඟ ඇමතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබීමෙන් අනතුරුව පනත් ‌කෙටුම්පත අමාත්‍යවරයා‌ගේ වාර්තාවක් ආකාරයට මුද්‍රණය කර පාර්ලි‌මේන්තු‌වේ සභාගත කරනු ලැබේ.

   
6.

මාස හයක් ඇතුළත අමාත්‍යවරයා විසින් පාර්ලි‌මේන්තුවට වාර්තා ‌නොක‌ළේ නම් ස්ථාවර නි‌යෝග 52(7) ප්‍රකාර පනත් ‌කෙටුම්පත එය භාර මන්ත්‍රීවරයා කැමැති දිනයක ‌දෙවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ.

   
7.

අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලි‌මේන්තු‌වේ සභාගත කිරීමෙන් පසුව පනත් කෙටුම්පත දෙවැනි වර කියවා එය ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකට යොමු කරනු ලැබේ

   
8.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කටයුතු ස්ථාවර නි‌‌යෝග 113 දක්වා වන වගන්ති වලට අනුකූලව සිදු කරනු ලබන අතර ස්ථාවර නියෝග 68 සහ 70 ප්‍රකාරව එම ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා‌වේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

   
9.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සලකා බලනු ලබන අතර ස්ථාවර නියෝග 72(1) ට අනුව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ.

   
10.

පනත් ‌කෙටුම්පත පාර්ලි‌මේන්තුවට වාර්තා කිරී‌මෙන් පසුව එය තුන්වැනි වරට කියවා ස්ථාවර නි‌යෝග 72 ප්‍රකාරව සම්මත කරගනු ලැබේ.

   
11.

තුන්වැනි වර කියවී‌මෙන් පසුව, ස්ථාවර නියෝග 73 ප්‍රකාරව දැනුම් දීමෙන් අනතුරුව කරනු ලබන යෝජනාවක් අනුව වචන වලට හෝ කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාවලට හෝ පමණක් සීමා වූ සංශෝධනය ඊට කළ හැකි අතර ස්ථාවර නියෝග 74  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 හා 80 වැනි වගන්ති ‌යට‌තේ කථානායකතුමා‌ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

ස්ථාවර නි‌යෝග අංක 52

  1. ස්ථාවර නියෝග 52 යටතේ පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ පනත් ‌කෙටුම්පතක් පාර්ලි‌මේන්තුවට ලැබුණු විට, ස්ථාවර නි‌යෝග 52(4) ප්‍රකාරව එය භාෂා තු‌නෙන්ම ගැසට් අති‌රේකයක් වශ‌යෙන් මුද්‍රණය කරනු ලැ‌බේ.
  2. ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීමෙන් දින දාහතරකට පසුව ස්ථාවර නියෝග 52(5) ප්‍රකාරව එකී පනත් ‌කෙටුම්පත පළමු වර කියවී‌ම සඳහා න්‍යාය පත්‍ර‌යේ ඇතුළත් කරනු ලැ‌බේ.
  3. පළමුවර කියවීමෙන් පසුව පනත් කෙටුම්පතට අංකයක් දී මුද්‍රණය කරවා ස්ථාවර නියෝග 52(6) ප්‍රකාර වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ.
  4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌‌වේ 77 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපතිගේ නිරීක්ෂණ සහ කැබිනට් අනුමැතිය සමඟ ඇමතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබුණු පසු, පනත් ‌කෙටුම්පත වාර්තාවක් ආකාරයෙන් මුද්‍රණය කරවා සභාගත කරනු ලැබේ.
  5. මාස හයක් ඇතුළත දී අමාත්‍යවරයාගේ වාර්තාව නොලැබුණහොත් ස්ථාවර නියෝග 52(7) ප්‍රකාරව එය භාර අමාත්‍යවරයා කැමැති දිනයක දෙවැනි වර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ.

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

යම් විශේෂ පුද්ගලයෙකුට හෝ සමිතියකට හෝ නීතිගත සංස්ථාවකට බලපෑමක් සිදු කිරීම සඳහා හෝ යහපතක් සැලසීම සඳහා යෝජනා කරනු ලබන යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, එකී පනත් කෙටුම්පතේ සාමාන්‍ය ස්වභාවය හා එහි පරමාර්ථයන් පිළිබඳ නිවේදනයක් සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහිත්, යටත් පිරිසෙයින් එක් සිංහල ප්‍රවෘත්ති පත්‍රයක, එක් දෙමළ ප්‍රවෘත්ති පත්‍රයක හා එක් ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක වන පරිදි ජනරජයේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රසිද්ධ කොට ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලීමට යටත් පිරිසෙයින් එක් මාසයකටවත් පෙර එම දැන්වීම් පළවිය යුතුය. (ස්ථාවර නියෝග 53(1)).

1. 52 වන ස්ථාවර නි‌යෝගය යට‌තේ වන පනත් ‌කෙටුම්පත්
2. 53 වන ස්ථාවර නි‌යෝගය යටතේ වන පනත් ‌කෙටුම්පත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි