ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

Internal Affairs Unit

Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Phone: 0112777229

WhatsApp No: 0777270145

Fax: 0112777508

 

Key Objectives of the Internal Affairs Unit (IAU)

i.    Prevent corruption in the institution and cultivate a culture of integrity.
ii.    Ensure transparency and accountability in all activities of the institution and ensure public access to information regarding institutional practices and decisions.
iii.    Promote ethical governance within the institution.
iv.    Develop a secure and accessible system to encourage reporting misconduct, protect whistle-blowers and maintain confidentiality.
v.    Support legal enforcement through collaboration with law enforcement agencies and the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC).

 

Composition of Internal Affairs Unit

Serial No. Positions of Internal Affairs Unit Name of the Officer and Designation
01. Head of the Unit Mr. Chaminda Kularathne
Chief of Staff and Deputy Secretary-General of Parliament
02. Integrity Officer Mr. W.K.D.C. Withana
Chief Internal Auditor
03. Members Mr. Kushan Jayaratne
Serjeant-at-arms
04. Mrs. C.I. Dissanayake
Director(Administration)
05. Mrs. C.N. Lokukodikara de Silva
Editor of Hansard
06. Mr. R. H. Edirisinghe
Director (Catering & House-Keeping)
07. Mr. D.L.D. Adikari
Co-ordinating Engineer
08. Mr. G.Sarath Kumara
Director (Finance)
09. Mr. M. Jayalath Perera
Director (Legislative Services) and Acting Director (Communication)
10. Mr. Buddhika Nawagamauwa
Director(Information Systems & Management)

ජාත්‍යන්තර සහ කලාපීය පාර්ලි‌මේන්තු සංගම්

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌මේන්තු සංගමය

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමය 1911 දී අධිරාජ්‍ය පාර්ලි‌‌මේන්තු සංගමය ලෙස ඇරැඹිණි. ආරම්භක ශාඛාවන් වූ‌යේ ඕස්‌ට්‍රේලියාව, කැනඩාව, නිව්ෆවුන්ඩ්ලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානියයි. පොදුරාජ්‍ය මණ්ඩලයත් සමඟ වර්ධනය ‌වෙමින් දැන් භාවිතා කරන නම ‌පො.ම.පා. සංගමය විසින් භාවිතය අරඹන ලද්‌දේ 1948 දීය

පාර්ලි‌‌මේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුමත කරන ‌පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල ව්‍යවස්ථාදායකයන්‌ගෙන් සැදුම්ලත් ශාඛාවලින් සංගමය සමන්විත ‌වේ. සංගම‌යේ වත්මන් ජාතික, රාජ්‍ය, කලාපීය සහ ප්‍රාදේශීය පාර්ලි‌මේන්තු සාමාජිකත්වය 164 ක්ව පවතී.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවලට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාර්ලි‌මේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැනුම සහ අව‌බෝධය වර්ධනය කිරීම ‌සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු අතර සහ‌යෝගීතාව සහ ‌තොරතුරු හුවමාරු කර ගැනීම ‌පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌මේන්තු සංගම‌යේ මූලික අරමුණයි.

 

සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු සැසි

 

ප්‍රකාශන

 

තොරතුරු ලබාදීම

 

පාර්ලි‌මේන්තු කටයුතු අධ්‍යයනය කිරීමේ චාරිකා

 

යනාදී ක්‍රියාකාරකම් මගින් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌මේන්තු සංගම‌ය සිය අරමුණ සපුරා ගනී.

 

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌මේන්තු සමුළු

මේ වනවිට ‌පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌මේන්තු සමුළු 53 ක් පවත්වා ඇති අතර ඉන් 1974 සහ 1995 සමුළු පැවති‌යේ ශ්‍රී ලංකා‌‌වේදී ය. ‌පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයට (ශ්‍රී ලංකා ශාඛාව) බැඳීමට සියලු පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරු සුදුසුකම් ලබති.

 

අන්තර් පාර්ලි‌මේන්තු සංගමය

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් ‌මෙන්ම සාමයට කැපවූ පුද්ගලයන්ද වූ විලියම් රැන්ඩල් ක්‍රිමර් (එක්සත් රාජධානිය) සහ ‌ෆ්‍රෙඩ්රික් පැ‌සේ (ප්‍රංශය) විසින් 1889 දී අන්තර් පාර්ලි‌මේන්තු සංගමය අරඔන ලදී. ජාතික පාර්ලි‌මේන්තුවල ‌ලෝක සංවිධානය එය ‌වේ. රටවල් 140 ක ජාතික පාර්ලි‌මේන්තුවලින් වත්මන් සංගමය සමන්විත ‌වේ.

දේශපාලනමය සංවාද තුළින් සාමය සහ ආරක්ෂාව ‌පෝෂණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ මානව හිමිකම් ගරු කිරීම සහ අදාළ ඵලදායී ව්‍යවස්ථාදායක ආයතන වැඩිදියුණු කිරීම ‌සඳහා දායකත්වය සැපයීම යනාදිය අන්තර් පාර්ලිමේන්තු සංගම‌යේ මූලික අභිමතාර්ථයන්ය.

අන්තර් පාර්ලි‌මේන්තු සමුළු
ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව අන්තර් පාර්ලි‌‌මේන්තු සංගමය සිය මත ප්‍රකාශ කිරීමට සහ නිර්‌දේශ ඉදිරිපත් කිරීමට ‌මෙම සමුළු උපයෝගී කරගනී. 2008 දක්වා අන්තර් පාර්ලි‌මේන්තු සමුළු 118 ක් පවත්වා ති‌‌බේ. ශ්‍රී ලංකාවට සමුළුවක් පැවැත්වීම සංවිධාන කිරීමට ‌මෙ‌තෙක් අවස්ථාව ලැබී ‌නොමැත. අන්තර් පාර්ලි‌මේන්තු සංගමයට (ශ්‍රී ලංකා කණ්ඩායම) බැඳීම සඳහා සාමාජිකත්වය ඉල්ලුම් කිරීමට සියලු පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරු සුදුසුකම් ලබති.


‘සාර්ක්’ පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමය

‘සාර්ක්’ රටවල කථානායකවරුන්‌ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගම‌යක් පිහිටුවිය යුතු යැයි මුලින්ම ‌යෝජනා වූ‌යේ 1988 අප්‍රේල් මාසයේදී ‌ගෝතමාලා‌වේ පැවැති අන්තර් පාර්ලි‌මේන්තු සංගම‌යේ සමුළු‌වේදීය. 1994 ජනවාරි 28-29 යන දිනවල ධකා නුවර පැවැති පළමු රැස්වී‌මේදී ‘සාර්ක්’ පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමය බිහිවිය. සංගම‌යේ සාමාජික රටවල් වන්‌නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින, බංගලි‌දේශය, නේපාලය සහ භූතානයයි.

පාර්ලි‌මේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටි පිළිබඳව අදහස් ‌යෝජනා සහ ‌තොරතුරු හුවමාරු කරගැනීමට මණ්ඩපයක් සකසා ‌දෙමින් ‘සාර්ක්’ රටවල පාර්ලි‌‌මේන්තු සහ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් අතර සම්බන්ධතා සහ අත්දැකීම් හුවමාරුකර ගැනීමට ඉඩකඩ ලබාදීම ‌මෙම සංවිධාන‌යේ මූලික ඉලක්කයයි. ‘සාර්ක්’ රටවල ජනතාව අතර අ‌‌න්‍යොන්‍ය අව‌බෝධය, විශ්වාසය සහ මිත්‍රත්වය වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සමුළු වලදී කලාප‌යේ ‌පොදු වැදගත්කමක් ඇති අංශවලදී රටවල් අතර බැඳීම් ශක්තිමත් කිරීම ‌මෙහි ද්විතියික පරමාර්ථයයි. මීට අමතරව, දකුණු ආසියා රටවල පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් අතර සහ මහජනතාව අතර සංගම‌යේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුමක් ලබාදී ඔවුන්ගේ සහ‌යෝගය ‘සාර්ක්’ කටයුතුවලට ‌යොමුකර ගැනීමත් සංගම‌යේ කාර්යයකි.

සියලුම පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් හට ‘සාර්ක්’ පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමයේ (ශ්‍රී ලංකා ශාඛාව) සාමාජිකත්වය සඳහා අයැදුම්කිරීමට හැකිය.

 

අවශ්‍ය වැඩි විස්තර සහ සාමාජික අයැදුම්පත් සඳහා විමසන්න:

එස්. ඒ. උපාලි කුමාරසිංහ
ප්‍රධාන පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී
විදේශ සබඳතා සහ සන්ධාන කාර්යාලය
හතරවැනි මහල, පාර්ලි‌මේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
දුරකථනය: +94 11 2777277 / +94 11 2777288
ෆැක්ස්: +94 11 2777275

ආපසු ඉහළට

පාර්ලිමේන්තු විදු පියස

පාර්ලිමේන්තු විදු පියසට ඔබටත් ඇරයුම්…

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කවදත් ඔබට විවෘත ආයතනික ව්‍යුහයකි. පාර්ලිමේන්තු ක්‍රමවේදය, සම්ප්‍රදාය සහ පුරවැසි වගකීම සම්බන්ධව ඔබ සමඟ අපි නොයෙක් වර සාකච්ඡා කර ඇත්තෙමු.
පාර්ලිමේන්තු විදු පියස මඟින් අප උත්සාහ කරන්නේ පහත මාතෘකා ඇසුරෙන් ඔබව දැනුවත් කිරීමටයි.

 

  1. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව
    1. ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණාමය
    2. ජනතා පරමාධිපත්‍යය
    3. පාර්ලිමේන්තුවේ කාර්‍යභාරය
    4. පාර්ලිමේන්තු සම්ප්‍රදාය

  2. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය
  3. කාරක සභා සහ එහි ක්‍රියාකාරීත්වය
  4. ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය වාර්තාකරණය
  5. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය
  6. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
  7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්‍යභාරය
  8. පාර්ලිමේන්තුව හා අනාගත පුරවැසියාගේ දායකත්වය

 

ඉහත මාතෘකා අතරින් තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර ගණනක් සේවය කර අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් මාර්ගගත ක්‍රමයට ඔබේ ගමට, ආයතනයට, පාසලට හෝ විශ්වවිද්‍යාලයට සුවිශේෂී වූ වැඩසටහන් පැවැත්වීමට, පාර්ලිමේන්තු විදු පියස දැන් සූදානමින් සිටී.

 

මෙවැනි වැඩසටහන් සඳහා ඔබේ ආයතනය/ සංවිධානය/ කණ්ඩායම කැමැත්තක් දක්වන්නේ නම් පහත සඳහන් තොරතුරු සම්පූර්ණ කරන ලද තොරතුරු පත්‍රිකාවක් අපගේ ඊමේල් ලිපිනයට හෝ අපගේ මහජන සේවා නිලධාරීන් හා සම්බන්ධ වී ලබා දීමට කාරුණික වන්න. එලෙස ඔබ අප වෙත යොමු කරන තොරතුරු පත්‍රිකාව අනුව වැඩසටහන පැවැත්වීම සඳහා දිනය සහ වේලාව අපගේ නිලධාරීන් විසින් ඔබ වෙත ලබා දෙනු ඇත.

 

තොරතුරු පත්‍රිකාව

01. නම
02. ජාතික හැඳුනුම්පත් අංකය
03. ආයතනය / සංවිධානයේ නම
04. සහභාගී වන කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව
05. ඔබ තෝරාගත් මාතෘකා

 

1තොරතුරු පත්‍රිකාව පුරවා එවන්න

 

අමතන්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව.

 

ඊමේල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දුරකථන අංක - 0112777318 (මහජන සේවා අංශය)
                         0715352672
                         0779899085

 

2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත මාධ්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම

2021.02.10

2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත මාධ්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම

 

පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් මාධ්‍ය ආයතන වෙත 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බැව් දන්වනු කැමැත්තෙමි.

 

එබැවින්, මේ සමග අමුණා ඇති අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර 2020 වසරට වේත්‍රධාරී විසින් නිකුත් කල මාධ්‍ය අවසර පත්‍රය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් වරයා විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතේ ඡායාස්ථ පිටපතක් ද  සහිතව වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමෙන් 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත්‍රය ලබා ගත හැක.

 

මෙම අයදුම්පත වේත්‍රධාරී කාර්යාලයෙන් හෝ පහතින් බාගත කිරීමෙන් හෝ ලබාගත හැකි බැව්ද සටහන් කරනු කැමැත්තෙමි.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම්, වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලයේ ආර්.එම්. ජයතිලක මහතා, දුරකථන අංක 0112777554 හා දිගුව 5315 ඔස්සේ අමතා ලබාගත හැක.

 

 අයදුම් පත්‍රය

 

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි