ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුවේ කථානායක

 

speaker l

 

නම : චමල් ජයන්ත රාජපක්ෂ
තනතුර : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක
උපන් දිනය : 1942 ඔක්තෝබර් 30
පවුලේ විස්තර : චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ උතුම් වූ පූජනීය ස්ථානයක් ලෙස සැළකෙන කතරගම ශ්‍රී ස්කන්ධකුමාර දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරයි. කණිෂ්ඨ පුත්‍රයා ගරු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ගරු චමල් ජයන්ත රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති ලෙසත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙසත් කටයුතු කළ දිවංගත ගරු ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා ද වෙයි. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නව දෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කර තිබේ.
අධ්‍යාපනික පසුබිම : ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
රාජ්‍ය සේවයේ දායකත්වය : ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණ එතුමා වසර අටකට වැඩි කාලයක් එහි සේවය කර ඇත. 1985 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර ඇත.
දේශපාලන දිවිය : 1985 වසරේදී මුල්කිරිගල ඡන්ද කොට්ඨාසයට පැවැත්වූ අතුරු මැතිවරණයට තරඟ කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්ක‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1989 සිට අද දක්වා පැවැත්වූ සෑම මැතිවරණයකදීම තම අසුන ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස දැනට දරන තනතුරට පත්වීමට පෙර එතුමා පහත සඳහන් තනතුරුවල කටයුතු කර ඇත.

- කෘෂිකර්ම සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍යතුමා
- වරාය හා දකුණු පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා
- කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යතුමා
- වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යතුමා
- වරාය හා ගුවන් සේවා අමාත්‍යතුමා
ලබා ඇති ගෞරව නාම : "ශ්‍රී ලංකා ජන සේවා විභූෂණ"
දැරූ අනෙකුත් තනතුරු : 1. ශ්‍රී ලංකා - රුසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති
2. ශ්‍රී ලංකා - හංගේරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති
3. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-03-10

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි