ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ කථානායක

| නම | : | කරු ජයසූරිය |
| තනතුර | : | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක |
| උපන්දිනය | : | 1940 සැප්තැම්බර් 29 |
| අධ්‍යාපන පසුබිම | : | කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. - එක්සත් රාජධානියේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ ගරු සාමාජික - ප්‍රවාහන ආයතනයේ ගරු සාමාජික - INSED, ප්‍රංශ ව්‍යාපාර පාසලේ ආදි ශිෂ්‍ය |
| රාජ්‍ය සේවාවේ දැරූ තනතුරු | : | - ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධිකාරිලත් නිලධාරී - 1965-1972 - පෞද්ගලික සමාගම් සහ ලියාපදිංචි රාජ්‍ය සමාගම් 52ක සභාපති / ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර ඇත. - ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය ආවරණය වන බලය සහිතව 1992 – 1994 කාලය තුළ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කිරීම - පෞද්ගලීකරණය කිරිම පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පෞද්ගලීකරණය වූ සමාගම වූ සී/ස යුනයිටඩ් මෝටර්ස් හි ප්‍රධානියා වීම - ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වීම |
| දේශපාලන ගමන්මග | : | - කොළඹ මහ නගර සභාවේ පුරපතිතුමා - 1997 – 1999 - බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක 1999-2001 - පාර්ලිමේන්තු මන්ත්‍රී - 2001 - විදුලිබල හා බලශක්ති ඇමති, 2001 - 2004 - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමති, 2007-2008 - එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ නියෝජ්‍ය නායක - එ.ජා.ප. නායකත්ව සභාවේ සභාපති වශයෙන් 2013 දී පක්ෂ ප්‍රතිසංවිධානයට නායකත්වය සැපයීම - රාජ්‍ය පරිපාලන, පළාත් සභා, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ බුද්ධ ශාසන අමාත්‍ය - 2015 ජනාවරි යනාදී තනතුරු, පාර්ලිමේන්තුවේ කථානායක ධූරය දැරිමට පෙර හොබවන ලදී. |
| හෙබවූ අනෙකුත් තනතුරු | : | 1. වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති 2. සාර්ක් වාණිජ මණ්ඩලයේ සභාපති 3. කොළඹ, රබර් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති 4. සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති 5. එක්ස්පෝ - 92, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ සභාපති 6. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති |
අවසන් යාවත්කාලීන කිරීම 2016-01-06
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






