ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තු‌‌වේ පනත් ‌කෙටුම්පත් කාර්යාංශය ක්‍රියාත්මක වන්‌නේ එහි අංශ ප්‍රධානියා වශ‌යෙන් කටයුතු කරන සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) වරයකු යට‌තේය.

භාෂා තු‌නෙන්ම පළ කරනු ලබන පනත් ‌කෙටුම්පත්, පාර්ලි‌මේන්තුවට ඉදිරිපත් කළ යුතු අමාත්‍යවරුන්‌ගේ වාර්තා හා කාරක සභා වාර්තා ‌මෙන්ම කථානායකතුමා‌ගේ අනුමැතිය සටහන් කරන ලද පනත් පිටපත් (අනුඥා පිටපත්) සහ අවසන් පනත් මුද්‍රණය කිරීමට ‌පෙර ඒවා‌යේ නිරවද්‍යතාව සහතික කිරීම පනත් ‌කෙටුම්පත් කාර්යාංශ‌යේ කාර්යයකි.

පනත් කෙටුම්පත් කාර්යාංශ‌‌යේ ප්‍රධාන කාර්යය වන්‌නේ පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් ‌කෙටුම්පත් සකස් කිරීම සහ කථානායකතුමා‌‌ගේ සහතිකය ලැබී‌මෙන් පසු පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වන අවස්ථාව ‌තෙක් සියලු අදියර‌යන්හිදී ඒ පිළිබඳ කටයුතු ‌මෙ‌හෙයවීමය.

පනත් කෙටුම්පතක් නීතිගත වීමේ ක්‍රියාවලියේදී එය පහත සඳහන් අදියරයන්ට භාජන වේ.

1.

ගැසට්පත්‍රවල පනත් ‌කෙටුම්පත් පළ කිරීම

2.

පනත් ‌කෙටුම්පත් ඉදිරිපත් කිරීම
(i)ආණ්ඩු‌වේ පනත් ‌කෙටුම්පත්
(ii)පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ පනත් ‌කෙටුම්පත්

3.

පළමුවර කියවීම

4.

දෙවන වර කියවීම

5.

අමාත්‍යාංශවලට ‌යොමු කිරීම

6.

කාරක සභා අවස්ථා
(i) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව
(ii) ස්ථාවර කාරක සභාව
(iii) වි‌ශේෂ කාරක සභාව

7.

තෙවැනි වර කියවීම

8.

කථානායකතුමා‌ගේ සහතිකය

9.

අවසන් පනත

 

පාර්ලි‌මේන්තු‌‌වේ පනත් ‌කෙටුම්පත් කාර්යාංශ‌යේ කාර්යයන්

පාර්ලි‌මේන්තු‌වට ඉදිරිපත් කළ යුතු සියලුම පනත් ‌කෙටුම්පත් සම්බන්ධ කටයුතු පාර්ලි‌මේන්තු‌වේ පනත් ‌කෙටුම්පත් කාර්යාංශ‌‌යෙන් කරනු ලබන අතර ඒවා පහත සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිය.

1.

ආණ්ඩු‌වේ පනත් කෙටුම්පත්

2.

පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත්

 

පනත් ‌කෙටුම්පත් අංශයේ අනිකුත් වගකීම්

1.

පනත් ‌කෙටුම්පත් ලේඛනය සහ පනත් ලේඛනය නඩත්තු කිරීම

ආපසු ඉහළට

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2012-07-31

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි