| |||||||||||
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව - 1 වැනි සැසිවාරය)
|
|
|
මෙය තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් දහසය දෙනෙකුගෙන් සමන්විත වන පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය.
ඕනෑම පුද්ගලයෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභා දෙකට බලය තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ යෙදෙන අතර 1979.05.01 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි.
ස්ථාවර නියෝග 120 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විත වේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදී සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත්කර ගනු ලබන අතර එහි ගණපූරණය 04කි.
මෙම කාරක සභාවේ කාර්යය වනුයේ රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර ආයතනයන්හි පරීක්ෂා කරන ලද ගිණුම්, අයවැය හා ඇස්තමේන්තු, මූල්‍ය ක්‍රියාපටිපාටිය, කාර්යසාධනය හා කළමනාකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.
මෙම සංවිධානයන්හි ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර කාරක සභාවේ විමර්ශන කටයුතු වලට අදාල පදනම ඉන් සැලසේ. සාක්ෂි ලබාගැනීම පිණිස, අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ කාරක සභාවට සුදුසු යැයි හැඟීයන වෙනත් ඕනෑම පුද්ගලයකු කාරක සභාව හමුවට කැඳවීමට හෝ ලිපිලේඛන ගෙන්වාගැනීමට කාරක සභාවට බලය ඇත්තේය. කාරක සභාව පාර්ලිමේන්තුවට සිය වාර්තා ඉදිරිපත් කරන අතර ඒවායේ ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනුගමනය කළ යුතු නියමයන් ලෙස සැලකේ.
කාරක සභාවේ ආරම්භයේ සිට, පහත සඳහන් මන්ත්‍රීවරුන් එහි සභාපතිත්වය දරා ඇත.
නවවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව