ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රාජ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහඡනතාවට සමානව සලකන්න - විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස්

දිනය : 2023-11-27

  • රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා මැඩපැවැත්වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන්න - පළාත් ප්‍රධානීන් කාරක සභාවෙන් ඉල්ලයි

 

රාජ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහඡනතාවට සමාන අයුරින් සලකා අවශ්‍ය සේවා කටයුතු සිදු කරන ලෙස  විවෘත සහ වගකිවයුතු  රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට බස්නාහිර පළාතේ නගර සභා ,මහනගර සභා  සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රධානීන් කැඳවා තිබුනහ.

සියලුම රාජ්‍ය නිලධාරීන්  ආයතන සංග්‍රහය අනුව කටයුතු  කරන්නේනම් සේවා ලබා ගැනීමට  පැමිණෙන කිසිදු පුද්ගලයෙකු අපහසුතාවයට පත් නොවන බව කාරක සභා සභාපතිවරයා   අවධාරණය කළේය.

මහජනතාව විසින් විවිධ කාරණා සම්බන්ධයෙන්  විමසීම් සිදුකර, ආයතන සඳහා යොමු කරන ලිපි සඳහා කඩිනමින් පිළිතුරු ලිපි යොමු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන වල දුෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා සෑම පළාත් පාලන ආයතනයකටම  තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන ලෙස මෙහදී පළාත් ප්‍රධානීහු කාරක සභාවෙන් ඉල්ලීමක්  කළහ.

අදාළ රාජ්‍ය ආයතන සඳහා  විවිධ  සැළසුම්  වර්ග  අනුමත  කරගැනීම සඳහා  පැමිණෙන පිරිස් වෙත ඒවා පරික්ෂා කර බලා අනුමැතිය ලබාදීමට  කාර්යක්ෂම වැඩ පිළිවෙලක්  සකසන ලෙස කාරක සභාව මෙහිදී  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම  මහජනතාව  ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන අසම්පූර්ණ ලිපිගොනු භාර නොගැනීමටත් සම්පූර්ණ  ලිපිගොනු  භාර ගැනීම තුලින්, මතුවන  බොහෝ ගැටලු ප්‍රමාණයක් වළක්වා ගත හැකි බවද කාරක සභව පෙන්වා දෙන ලදී.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වජිර අබේවර්ධන, ගරු ජේ. සී. අලවතුවල, ගරු චමින්ද වි‍ජේසිරි, ගරු (නීතිඥ )උදයන කිරිඳිගොඩ, ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීත) මධුර විතානගේ, ගරු ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

1 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි