ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එළෙඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර - අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු

දිනය : 2023-11-25

  • ඉදිරියේදී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට  පත් කිරීමට අවශ්‍ය පියවර
  • අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමකින් තොරව පවත්වාගෙන යාමට ලංකා සතොසේ දායකත්වය

 

එළෙඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක්  ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (නොවැ. 23) රැස්වූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ  රටේ මහා පරිමාණ  වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘතීම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බවයි. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සීනි හිඟයක්  දක්නට ලැබෙන බවත් වෙළඳපොළේ සීනි බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය. එබැවින්,සීනි තොග හිඟ වීමේ අවධානමක් පවත්නා බවත්, කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු යොදනු ලැබූ බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට  පත්කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බවට අවධාරණය  කරනු ලැබිය.

ලංකා සතොස විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තිබෙන බවත්, එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු සිදු කර තිබෙන බවත් ගරු නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

තවද, මහපොළ භාරකාර  අරමුදලේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත දියත් කිරීමට අමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව, එම ප්‍රදර්ශනය 2023.12.13 දින සිට 2023.12.17 දින දක්වා ජා-ඇල නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය.  

මෙම රැස්වීමට  අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සහ අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි