ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2023-11-25

පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව (National Education Policy Framework) සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිශ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සභාපති අනුර දිසානායක මහතා මෙම ප්‍රතිපති රාමුව පිළිබඳ පැහිදිලි කිරීම සිදු කරන ලදි.

මේ අනුව ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සහ සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන පරිවර්තනයන්ගේ සාරාංශය පිළිබඳ විවිධ අංශ ඔසුසේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.

කාරක සභා සාමාජිකයන් වන ගරු විමලවීර දිසානායක, ගරු අසංක නවරත්න, ගරු මංජුලා දිසානායක සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වූ අතර කාරක සභාවේ සභාපතිගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා සහභාගී විය.

එසේම මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හා මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට සම්බන්ධවූ පාර්ශ්ව සහභාගී විය. මේ සඳහා කාරක සභාවට අනුයුක්ත තරුණ නියෝජිතයන්ද සහභාගී වූ අතර කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය පරිදි සිය අදහස් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි