ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් වල අතිරික්තයක් - ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි - නිලධාරීන් කාරක සභාවට දන්වයි

දිනය : 2023-11-24

  • 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රියාකාරී සැළැස්මක් ලබා දෙන්න - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්
  • නිවැරදි සීනි පරිභෝජන රටාව ගැන මෙරට ජනතාව දැනුවත් කළයුතුයි - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්

 

සීනි කර්මාන්ත ශාලා වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  අනාවරණය විය.ඒ  අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය  කිරීමට වැඩපිළිවෙලක්  සැකසීම පිළිබඳව  නිලධාරීහු විසින් කාරක සභාවේ අවධානයට යොමුකළහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.21 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එතනෝල් ආනයනය තහනම්  කිරීම හේතුවෙන්  සීනි කර්මාන්ත ශාලා  මේ  වනවිට  ලාහ  ලබමින් පවතින බව කාරක සභාවේදී අනාවරණය විය. සීනි නිෂ්පාදනයයේදී අතුරු නිෂ්පාදනයක් වන මෙම එතනෝල්,  මත්පැන්  නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින් එම සීනි  කර්මාන්ත ශාලාවලට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම වඩාත් ඵලදායී බව නිලධාරීහු කරුණු දක්වමින් පැවසුහ.

මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06 පමණ වන බව නිලධාරීහු කාරක සභාවට පෙන්නවා දුන්හ. කෙසේ වෙතත් එම අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරෙනුයේ 10% ක ප්‍රමාණයක් නොඑසේනම් මෙට්‍රික් ටොන් හැට දහසක් පමණක් බව  කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට  අවශ්‍ය   ක්‍රියාකාරී සැළැස්මක්  මාස  තුනක් තුළ සකසා භාර දෙන ලෙස කාරක සභාව විසින්  නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම සීනි පරිභෝජන පිළිබඳ මෙරට ජනතාව තුළ පවත්නා දැනුම ඉතාමත් අල්ප හෙයින්  නිවැරදි සිනී පරිභෝජන රටාව පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමටද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස්  කරන ලෙසද  කාරක සභාවෙන්  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තල් අරක්කු ඇතුළු ලංකාවේ නිෂ්පාදිත අනෙකුත් මත්පැන් වර්ග සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පැවතියද ප්‍රමිතියන්හි පවතින දුර්වලතා හේතුවෙන් වෙළඳපොළ පුළුල් කරගත නොහැකි වී ඇති බව නිලධාරීන් මෙහදී පැවසුහ. ඒ අනුව නිසි ප්‍රමිතීන්ට අනුකූලව මෙරට  මත්පැන් වර්ග අපනයනය සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද නිලධාරීහු මෙහිදී සිහිපත් කළහ.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බී. වයි. ජී. රත්නසේකර , ගරු කේ. සුජිත් සංජය පෙරේරා  යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි