විදේශ මුදල් ව්‍යාපෘති 179 න් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණයි - එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන වාර්තාවක් ඉක්මනින් ලබාදෙන ලෙසට කාරක ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට උපදෙස් |
දිනය : | 2023-11-24 |
- විදේශ අරමුදල් සපයනු ලබන ආයතන වලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට අනාවරණය වේ
- කාර්ය සාධන වාර්තා 4ක් සහ වාර්ෂික වාර්තා වාර්තා 3ක් සඳහා ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනුමතිය
ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවට අනාවරණය විය.
මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (නොවැ. 21) රැස් වූ අවස්ථාවේදීය.
විදේශ අරමුදල් සපයනු ලබන ආයතන වලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘති මගින් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබා ගන්නා විදේශ ණය සහ ප්‍රදාන අදාළ ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නිසි ලෙස සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඉතා කනගාටුදායක බව කාරක සභාව පැවසීය.
මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය සිඝ්‍රයෙන් ඉහළ යන බවත් කාරක සභව පෙන්වා දෙන ලදී. අදාළ අමාත්‍යංශවල, එහි ක්‍රියාත්මක ආයතනමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්‍ෂණ ඒකකවල දුර්වලතාවයන් මේ සඳහා හේතු වී ඇති බව කරක සහව මෙහදී අවධාරණය කරන ලදී.
මෙහිදී, මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභව වෙත ලබා දෙන ලෙස නිලධාරීන් හට කාරක සභාව විසින් උපදෙස් ලබා දෙමින් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සඳහා අනුමති ලබා දෙන ලදී.
මෙහිදී ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඇතුළු කාර්ය සාධන වාර්තා 4ක් සහ වාර්ෂික වාර්තා වාර්තා 3ක් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීම සිදු විය.
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව, දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ කාර්ය සාධන වාර්තාව, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාව ද මෙහිදී සලකා බලනු ලැබූ අතර ඒ සඳහා කාරක සභාවේ අනුමතිය හිමි විය.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු හර්ෂන රාජකරුණා, ගරු සුදත් මංජුල, ගරු නිපුණ රණවක, ගරු ගුණතිලක රාජපක්ෂ යන කාරක සභා මන්ත්‍රීවරුන් මෙන්ම, කරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු ගාමිණී වලේබොඩ, ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









