ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සංස්කෘතිය හා නුතන යෞවනය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වෙයි

දිනය : 2023-11-22

අන්තර්ජාලය හා ඒ හා සබැඳි සමාජ ජාල ක්‍රියාකාරකම් හේතු කොටගෙන, සමාජ විපර්යාසයන් සිදුවන බවත්, එවන් වෙනස්කම් යහපත් අතට සිදුවන ඒවාට වඩා බහුතර වශයෙන් නිශේධනීය සහ හානිකර වන බවත්  ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ විධායක සභික ශාස්ත්‍රපති ධර්මානන්ද විජේසිංහ මහතා සිය ඉදිරිපත් කිරීම ඔස්සේ පැවසීය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සංස්කෘතිය හා නුතන යෞවනය  සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

තවද, මෙලස සිදුවන විපර්යාස මෙරට හර පද්ධතීන්වලට හානි සිදු කරන බවට කරුණු දැක්වූ එතුමා, මෙම තත්ත්වය දැඩි ලෙස තරුණ කණ්ඩායම් වලට බලපාන බව ද කමිටුව හමුවේ පැවසීය.

තම පක්ෂයේ අදහස්වලට එරෙහි ප්‍රතිවාදී දේශපාලන අදහසක් යමෙක් ඉදිරිපත් කළහොත්, ඔහුට වට කර  පහර දීම, දේශපාලනික කණ්ඩායම් සහ දේශපාලන බල ව්‍යාපෘතීන් සමාජජාලා තුල මාෆියා ස්වරුපයෙන් ක්‍රියාත්මක වන බවත්, එය ඉතා භයානක තත්වයක් නිර්මාණය කරන බවත් කමිටුව මෙහිදී පෙන්වා දෙන ලදී.

තවදුරටත්, වෙඩි  තැබීම් වැනි ළමා මනසට හානි කරන පරිඝණක ක්‍රීඩා හේතුකොටගෙන අනෙකාට හානි කිරීම සරල දෙයක් ලෙස ළමා මනසට ඒත්තු යාමක් සිදුවන බවත්, මේ තුළින් පලිගැනීම වැනි සිතුවිලි ළමා මනස තුළ ප්‍රචලිතවීම සහ ශික්ෂණයෙන් තොර වීමක් සිදුවන බවත් කමිටුව තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහභාගී වූ තරුණ නියෝජිත පිරිස් මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ සමස්ථ තරුණ පිරිස් හට  පොදුවේ නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් පියවරක් ලෙස සැලකිය යුතු බවයි.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්. එම්. එම්. මුෂාරෆ්, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් සමරවික්‍රම,  ගරු සරත් වීරසේකර, ගරු ඩී. වීරසිංහ, ගරු ඉසුරු දොඩන්ගොඩ  යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි