ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රඥප්තියක් සකස් කිරීමට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ අවධානය

දිනය : 2023-11-20

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම සඳහා වූ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.14 වැනි දින පාර්ලිමේන්තුවේ දී  රැස්විය.
 
එහිදී රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා සකස් කෙ‍ෙරන ‍මෙම ප්‍රඥප්තිය වඩාත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි අයුරින් සකස් කිරීමේ වැදගත්කම නිලධාරීන් විසින් අනුකාරක සභාවට පෙන්වා දුනි. රෝගීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සියලුම ආයතන කැඳවා මෙම නව ප්‍රඥප්තිය සැකසීමේ දී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද  අනුකාරක සභාවේ දී  තීරණය විය.

ඒ අනුව එම සියලු අදහස් හා යෝජනා ලබාගැනීමෙන් පසු රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා වූ  ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සකස් කර ඉදිරිපත් කළ හැකි බව නිලධාරීහු    අනුකාරක සභාවට දැන්වූහ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. රමේශ්වරන් මහතා ඇතුළු සෞඛ්‍ය හා නීති ක්‍ෂේත්‍රවල  කටුයතු කරන  රාඡ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි