ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට පැවරීමට හෝ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යෙදවීම කඩිනම් කරන්න - අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී නිලධාරීන්ට උපදෙස් දෙයි

දිනය : 2023-11-09

  • මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත් කළ ගැටලු තවමත් විසඳී නොතිබීම පිළිබඳව නිලධාරීන්ට අමාත්‍යවරයාගෙන් දැඩි අප්‍රසාදය

 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබාගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා (නොවැ. 07) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය.

පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අලුත්වැඩි‍යාවෙන් පසු මේ වන විට මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන වසරකට ආසන්න කාලයක් පවතින බැවින් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

විවිධ ප්‍රදේශවල මේ වන විට අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. මන්ත්‍රීවරු රැසක් එක් එක් දිස්ත්‍රික්කවල පවතින මෙම අමාත්‍යාංශයට අදාළ ගැටලු ඉදිරිපත් කළහ.

මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත් කළ ගැටලු තවමත් විසඳී නොතිබීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් මෙම ගැටලු සඳහා කාර්යක්ෂම ලෙස මැදහත් වී විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු අරුන්දික ප්‍රනාන්දු සහ තේනුක විදානගමගේ යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි