ඉන්දියාව සහ චීනය සදහා ස්ථිර මහ කොමසාරිස්වරයෙකු/තානාපතිවරයෙකු පත් කිරීම කඩිනම් කිරීම සදහා මැදිහත් වන්න - විදෙස් කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී උපදෙස් |
දිනය : | 2023-11-09 |
- ශ්‍රී ලංකාවේ සහ ඊජිප්තුවේ ද්වීපාර්ශ්වික සබදතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ මහතා කාරක සභාවට ස්වේච්ඡාවෙන් සහභාගී වෙයි
ඉන්දියාවේ සහ චීනයේ මෙරට මහ කොමසාරිස්වරයෙකු/තානාපතිවරයෙකු සදහා පුරප්පාඩු පවතින බැවින් එම තනතුරු සඳහා සුදුසු සහ ස්ථිර අයවළුන් පත් කිරීම සදහා අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා (නොවැ. 07) උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාව සමග සමීප සබදතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන ඉන්දියාව සහ චීනය සදහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කරන ලෙස ද කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.
විදෙස් තානාපති කාර්යාලවල සේවය කිරීම සදහා අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව නොසිටීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. සීමාවාසික පුහුණු ව ලබන්නන් 25 දෙනෙකු බදවා ගෙන ඇති බවත් ඔවුන් අමාත්‍යාංශයේ සේවය සදහා යොදවා ඇති බවත් මෙහිදී අනාවරණය වූ අතර එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය.
ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර පවතින වෙළද සබඳතා පිළිබදව ද ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් මෙහිදී අදහස් දැක්වූ අතර ඉදිරිපත් කිරීමක්ද (Presentation) සිදු කරන ලදී. ආසියානු රටවල් සමග ශ්‍රී ලංකාව පවතින වෙළද ගිවිසුම් සහ ඒවායේ සාධනීය වර්ධනයන් සදහා අවශ්‍ය මැදිහත්වීම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.
මේ අතර ශ්‍රී ලංකාවේ සහ ඊජිප්තුවේ ද්වීපාර්ශ්වික සබදතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ මහතා මෙම අවස්ථාවට ස්වේච්ඡා පදනමින් සහභාගී විය.
ගෝලීය අභියෝගවලට මුහුණදීමේ දී ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව වසර ගණනාවක් මුළුල්ලේ ඉතා හොද මිත්‍රත්වයකින් කටයුතු කළ බවත් ඉදිරියේදී වෙළඳ, අයෝජන, තාක්ෂණය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් තානාපති මජීඩ් මොස්ලේ මහතා පැවසීය.
ඊජිප්තුවේ සාර්ථකව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබදවද හදුන්වා දුන් තානාපතිවරයා දෙරටේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙන් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
ජාත්‍යන්තර ප්‍රදර්ශන, පරිසරය සම්බන්ධ කමිටු, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය යනාදි ක්‍රමවේදයන් ඔස්සේ දෙරට අතර සබදතා තර කර ගැනීමේ අවශ්‍යතාව තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත්පෙන්වා දුන්නේය.
කාරක සභා සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය ජී.එල්. පීරිස්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, ගරු ශානක්කියන් රාසමානික්කම්, ගරු ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.
එසේම මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








