අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ නව පනත් කෙටුම්පතක් |
දිනය : | 2023-11-08 |
අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (අධිනීතිඥ) ගරු ජෝන් සෙනවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදි ඊයේ (නොවැ. 07) රැස්වූ අවස්ථාවේදී ය.
අධිකරණයට අපහාස කිරීමේන් නඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ භාවිත වන පරිචයන් බොහෝ අවස්ථාවල දැඩි විවේචනයට ලක්ව ඇති අතරම මෙම නීතිමය කරුණු අදහස් ප්‍රකාශනයේ නිදහසටද බලපෑමක් ඇති කරන බවටද අදහස් මතුව තිබෙන බව කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද විවිධ අවස්ථානුගත තත්ත්වයන් යටතේ හඳුනා ගතහැකි නිසා අධිකරණ නියෝග, තීන්දු ප්‍රකාශ සහ විනිශ්චයන් බලාත්මක කිරිම සම්බන්ධ නඩුවලදී පවා මෙය අදාළ කර ගත හැකි පැහැදිලි විධිවිධාන වත්මන් නීතිය තුළ අන්තර්ගත නොවන බැවින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කොට අති බව මෙහිදි අවධාරණය විය.
මෙයට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා (101 අධිකාරය) සංශෝධනය (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය) පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙරට යුක්තිය බලපා ඇති නොවිසඳුණු අකාර්යක්ෂමතාවයන් සහ ගැටළු විසඳීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ පූර්ව නඩු විභාගයට අදාළ දැනට පවතින ක්‍රියා පටිපාටිය සමාලෝචනය කිරීම පිණිස පත් කරන ලද කමිටු නිර්දේශයන්ට අනුකූලව මෙම පනත් කෙටුම්පත සකස් කොට තිබේ. මෙහිදී යෝජිත සංශෝධන මගින් සාක්ෂි සහ ලේඛන ලැයිස්තුව ගොනු කිරීම, විචාරණ භාරදීම, පිළිගැනීම් වාර්තා කිරිමේ ක්‍රමය, ලේඛන හුවමාරු කිරීම සහ 1995 අංක 14 දරන ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත පිළිගැනීම ආදියට අදාළ පෙර පැවති නීතියේ දුර්වලතා මගහරවා ගැනීමට අපේක්ෂිත බව මෙහිදි අවධාරණය විය.
එමෙන්ම 2023.09.15 දින සිට ක්‍රියාත්මක කරන ලද 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ සිංහල සහ ඉංශ්‍රීසි පාඨයේ ඇතැම් වැරදි පාරිභාසික වචන සහ ඒවාට ඉදිරිපත් කරන ලද සංශෝධන පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.
මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (නීතිඥ) තලතා අතුකෝරළ, (නීතිඥ) අනුර ප්‍රියදර්ශන යාපා, චින්තක අමල් මායාදුන්නේ, ඉසුරු දොඩංගොඩ සහ (නීතිඥ) ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මේ අතර, උක්ත පනත් කෙට්ම්පත් තුන සම්බන්ධව අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ද දීර්ඝවශයෙන් සාකච්ඡා කෙරිණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








