සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත්කෙරේ |
දිනය : | 2023-11-06 |
- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාවට අවසන් තීරණයක් ලබා දෙන්න - කාරක සභාවෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස්
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී,වගකීමක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහාත්,සමස්ත ආයතන හා රජය, විවෘත හා වගකීමක් ඇති තත්ත්වයකට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කිරීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කටයුතු කරන ලදී.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයාට වඩාත් ප්‍රශස්ථ, ජනතාවාදී රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, කාර්යය සාධනය, සුහදශිලිභාවය හා වගවීම තවුරුවන රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකිවනුසේ මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට මෙලෙස වියත්, බුද්ධිමතුන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට පියවර ගත් බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.
මෙම අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද ඇතුළුව සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතයි.
ඒ අනුව මෙම අනු කමිටුවේ සභාපතිවරයා ලෙස කාරක සභා සාමාජික පාර්මේන්තු මන්ත්‍රී ගරු උදයන කිරිඳියගොඩ මහතා පත් කර ඇත.
එමෙන්ම අනු කමිටුව නියෝජන කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ,අධිකරණ අමාත්‍යාංශ ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජානක ප්‍රනාන්දු, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් එම්.කේ.එස්.එස්. රත්නායක, මාධ්‍යවේදී අශෝක ඩයස් (සිරස මාධ්‍ය ජාලය), පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානයේ සභාපති මංජුල ගජනායක , සර්වෝදය ව්‍යාපාරයේ සභාපති මෙන්ම ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න , කාරක සභා සභාපති උපදේශක උපදේශක අචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්වරුන් පත්කර ඇත.
මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැළසුම් වලට අදාළව ඉදිරිපත් කර තිබෙන එම දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාව පිළිබඳවද කමිටුවේදී සාකච්ජා විය.මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ අංශ සමග සාකච්ඡා සිදුකර ඇති බව සිහිපත් කළ සභාපතිවරයා මෙම ගැටලුවට සතියක් තුළ විසඳුමක් ලබාදෙන ලෙසට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීමේ ගැටලුව පිළිබඳවද සාකච්ජා විය. එහිදී මෙම ගැටලුවටද සියලු පාර්ශ්ව එක්ව සාකච්ජා කර අවසන් තීරණයක් ලබාදීමට කටයුතු කරන ලෙසටද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම මෙහිදී සමෘද්ධි නිලධාරීන්ගේ ඔප්ෂන් මාරුකිරීම සම්බන්ධයෙන් දැනටමත් එකඟ වී ඇති ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම පිළිබඳව ලිඛිතව දැනුවත් කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය එකඟ විය. මෙම ලිඛිත ගිවිසුම ලැබීමෙන් පසු අදාළ ගැටලුව විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ කරන ලදී.
විශ්‍රාමික සමෘද්ධි නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේදී, වැල් පොලිය අය නොකර හිඟ දායකත්ව මුදල් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට ලබාදුන් දුන් විසඳුම සති දෙකක් ඇතුළත කමිටුවට දැනුම් දිය යුතු බව ප්‍රකාශ කළේය.
අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීමේදී මානුෂීය පැතිකඩ පිළිබද අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය. විශ්‍රාමික සමෘද්ධි නිලධාරීන්ට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ගෙවනු ලබන පොලී සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලිපිය තාවකාලිකව අවලංගු කරන ලෙසට සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
සමෘද්ධි නිලධාරීන් තැන්පත් කර ඇති සේවක භාරකාර අරමුදල් විශ්‍රාම වැටුප් බවට පත්කිරීමේදී 4%ක බද්දක් අය කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය. ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසඳුම් ලබා දියයුතු බවද සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම වැන්දඹු හා අනත්දරු හිඟ මුදල් ගෙවීමේදී 4% අතිරේක පොලියක් අයකිරීම නුසුදුසු බව කාරක සභාව අවධාරණය කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








