ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ මුදල් කාරක සභාවේ අවධානය |
දිනය : | 2023-11-02 |
- ඉන්දියානු ණය සහනාධාරය යටතේ ඉන්ධන ආනයනය කිරීම සඳහා ගත් ණය පියවීමට බිලියන 231.5 ක් ඉල්ලා සිටී
- මූල්‍ය ප්‍රකාශන වාර්තා නිවැරදි කාලසීමාව ඇතුළත ඉදිරිපත් කිරීමට මුදල් කමිටුවෙන් නිර්දේශ
- ශ්‍රී ලංකා ගුවන් සේවයේ මේ වන විට පාඩුව ඩොලර් බිලියනයක්
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ මුදල් කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිවී ඇති අතර මේ මගින් රුපියල් බිලියන 231.5ක් වෙන්කරගැනීමට අපේක්ෂා කෙරේ. මෙම මුදල් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කරන බව මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබාගත් ණය පියවීමටත් භාවිත කරන බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 31) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම ලබාගන්නා මුදලෙන් රුපියල් බිලියන 129ක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා බවත් ඉතිරි බිලියන 102 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබාගන්නා බවත් මෙහිදී සඳහන් විය. එසේම ශ්‍රී ලංකා ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1ක පාඩුවක් ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 30%ක් සඳහා පමණක් බවත් මෙහිදී අනාවරණය විය.
එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ක් 400ක් පමණ වන බවද මෙහිදී නිලධාරීන් සඳහන් කළේය.
තවද මූල්‍ය ප්‍රකාශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම පිළිබඳවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය අප්‍රසාදය පළ කළේය. විශේෂයෙන්ම 2021-2022 සහ 2022-2023 විගණන වාර්තා නියමිත කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය. එසේම මූල්‍ය ප්‍රකාශන වාර්තා තවමත් ඉදිරිපත් කර නොමැති අනෙකුත් රාජ්‍ය ආයතන පිළිබඳ පරීක්ෂා කරන ලෙසද මෙහිදී කමිටුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එසේම විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන්ද මෙහිදී සාච්ඡා වූ අතර වර්තමානයේ වර්ෂාපතනය වැඩි ලෙස ලැබෙන බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයේදී ජල විදුලිය වැඩි ලෙස නිෂ්පාදනය කිරීමේ වාසිය ජනතාවට ලැබෙන බවද මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේය. එසේම පිරිවැයට සාපේක්ෂ මිලකරණය පිළිබඳවද මාස 3 කට බලපාන පරිදි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී කමිටුවේ ප්‍රසාදය හිමි විය.
රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) ගරු සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නිමල් ලන්සා, ගරු වජිර අබේවර්ධන සහ ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගි වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









