ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දිනය : 2023-10-26

  • කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබාදීමට නිර්දේශ.
  • ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට වරාය නගර කොමිසම අවසර දුන් බව මුදල් කාරක සභාවට දැනුම් දෙයි.

 

අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

මෙහිදී දීර්ඝ වශයෙන් කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධ සාකච්ඡා වූ අතර මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන ලදි.  මෙහිදී අනාවරණය වූයේ මෙම සමාගම් ගිවිසුම් ගතවීමේදී ක්‍රම 3ක් යටතේ ගිවිසුම් ගතවී ඇති බවයි. එනම් වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස්වන කාලසීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසු ගිවිසුම් ගතවීම ලෙසයි.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදුවී නැති බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් සති 4 ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා මුදල් කාරක සභාව වෙත ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස නිර්දේශ කළේය.

මෙහිදී කාරක සභා සභාපති පෙන්වා දුන්නේ මෙම භූමිය තුළ මෙම සමාගම් සිදු කරන ඉදිකිරීම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වැදගත් වන බවයි.

මේ පිළිබඳ දීරඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමි වුයේ රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  (ඔක්. 24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එසේම ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට වරාය නගර කොමිසම අවසර දුන් බව මුදල් කාරක සභාවට දැනුම් දීමද මෙහිදී සිදු විය. මේ අනුව ඒ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසා මහ බැංකුවේ මතය ලබාගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කිරීම සිදු විය.

රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) ගරු සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චන්දිම වීරක්කොඩි, ගරු නිමල් ලන්සා,  ගරු පාඨලී චම්පික රණවක, ගරු දුමින්ද දිසානායක සහ ගරු සුමිත් උඩුකුඹුර යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගි වූහ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි